කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තමන්ට එරෙහිව විභාග වන නඩුව අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කර ඇත.
ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ පනතට පටහැනිව ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීම හරහා රජයට රුපියල් මිලියන 3.2ක පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් කොමිසම මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණ.