සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දීමට අද (05) පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කර ඇත.
මෙම එකගතාවට එළඹීමත් සමග තමන්ට නාමමාත්රික විපක්ෂනායකවරයා ලෙස සිටිය නොහැකි බවත්, එමනිසා ඊට අදාළ ලිපිය වහාම කතානායකවරයා වෙත යොමු කරන ලෙසත් ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව හෙට (06) දිනයේම ඊට අදාළ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කොට තිබේ.
මීට අමතරව ලබන නත්තලට පෙර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට එජාප මන්ත්‍රී කන්ඩායම අද දිනයේදී තීන්දුවකට එළඹ ඇත.
ඒ අනුව ලබන සදුදා (09) සිට ඒ සම්බන්ධයෙන් සාකච්ජා වටයක් ආරම්භ කිරීමට එජාප මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇත.










