විජේදාස රාජපක්ෂ මහතා එල්ල කරන ඇතැම් විවේචනයන්හි යම් සත්‍යතාවක් පැවැතිය හැකි නමුත් පෝට්සිටිය සම්බන්ධයෙන් නගන චෝදනා අසත්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පෝට්සිටිය යනු වෙනම වාණිජ නගරයක් බවත්, එය ගාල්ල කොළඹ පාලනය කරන ආකාරයට පාලනය කළ නොහැකි බවත්ය.
එමනිසා ඊට නව සංකල්පයකින් යුත් පනතක් හදුන්වා දිය යුතු බවද අමාත්‍යවරයා කීය.










