මිරිස්සේ සහ මීගමුවේ අතිසුඛෝපභෝගී හෝටල් 2ක් ඉදිකිරීම සදහා ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා ලෝ ප්‍රකට හෝටල් ජාලයන් 2ක් වන ජේ.ඩබ්ලිව්. මැරියට් සහ රිට්ස් කාල්ටන් සමග ගිවිසුම්ගත වීමට පියවර ගෙන ඇත.


ඒ අනුව සුපිරි කාමර 500කින් යුත් හෝටලයක් මැරියට් හෝටල් ජාලය මගින් මීගමුවේත්, කාමර 228කින් සමන්විත සුපිරි හෝටලයක් රිට්ස් කාල්ටන් හෝටල් ජාලය මගින් මිරිස්සේත් ඉදිකිරීමට නියමිතය.
මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට ධම්මික පෙරේරා මහතාට අමතරව අදාළ හෝටල් සමූහයන්හි ඉහළ පෙළේ නිලධාරීහුද සහභාගී වී සිටියහ.











