සැහැල්ලු වාහන බලපත්‍ර පැය 3ක් ඇතුළත නිකුත් කළ හැකි ලෙසට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව මේ වනවිට සිය කාර්යක්ෂමතාව ඉහළ නංවාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එක්දින සේවාව යටතේ අදාළ ලියකියවිලි නිවැරදි අයුරින් බාරදීමෙන් පසු පැය 3ක් ඇතුළත සැහැල්ලු වාහන බලපත් ලබාගැනීමට දැන් ජනතාවට අවස්ථාව උදා වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් අනතුරුව කිසිවකුටත් නොදන්වා පළමුව කඩාපැන්නේ වේරහැර ශාඛාවටය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මසක් ඇතුළත මෙහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගත යුතු බවයි.










