2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි මහත්මිය ලාස්වේගාස්හිදී කිරුළ දිනාගෙන තිබේ.
1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වේ.
ලෝකයේ විවිධ රටවල තරගකාරියන් 51 දෙනකු අතුරින් මෙම කිරුළ දිනාගත් ජූරි එක් දරු මවකි.










