ඇතැම් ඇමැතිවරුන් පත් කරනු ලැබූ සභාපතිවරුන්ට වහාම ඉවත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.
එසේ පත් කරනු ලැබූ ඇතැම් සභාපතිවරුන් ඉදිරි මහමැතිවරණයේදී තරග වැදීමට සූදානමින් සිටීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඉදිරි මහමැතිවරණයේදී තරග වදින කිසිවකුට සභාපති තනතුරු හෝ අධ්‍යක්ෂ පත්වීම් ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දුවක් ගෙන තිබේ.
මේ හේතුව මත පසුගිය දින කිහිපය තුළ පත් කරනු ලැබ තිබූ සභාපතිවරුන් කිහිප දෙනකුටම ඉල්ලා අස්වන ලෙස ඉහළින් දැනුම් දීමක් කෙරී ඇති බව දැනගන්නට ඇත.










