පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අස්සන් තබන ලිපියට මේ වනවිට මන්ත්‍රීවරුන් 70කට අධික පිරිසක් අත්සන් තබා ඇති බව දැනගන්නට ඇත.
ඉකුත් සති අන්තය වනවිට එම ප්‍රමාණය 45කට සීමා වී තිබූ අතර පසුව සති අන්තයේදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් වන මනෝ ගනේෂන් මහතාගේ සහ රවුෆ් හකීම් මහතාගේ නියෝජිතයන් අස්සන් තැබීම හේතුවෙන් මේ වනවිට එම ප්‍රමාණය 70 ඉක්මවා ගොස් ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මේ වනවිට විපක්ෂ නායක ධූරයෙන් ඉවත් වන ලෙසට පක්ෂය ඇතුළෙන් වික්‍රමසිංහ මහතාට එල්ල වන පීඩනය දැඩිව ඇති බවත්, ඒ මහතාගේ සහායට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හෝ ඉදිරිපත් නොවීමත් මත මෙවර නියත වශයෙන්ම වික්රමසිිංහ මහතාට තම දේශපාලන අනාගතය සම්බන්ධයෙන් වැදගත් තීන්දුවකට එළඹීමට සිදුවනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.










