විපක්ෂ නායක ධූරය බාර නොගෙන සිටින ලෙසට කතානායක කරු ජයසූරිය මහතා රනිල් වික්රමසිංහ මහතාගෙන් කාරුණික ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට ඇත.
වික්රමසිංහ මහතාට දුරකතන ඇමැතුමක් ලබා දෙමින් කරු ජයසූරිය මහතා මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය දින කිහිපය පුරාම එජාපයේ මන්ත්රීවරුන් කරු ජයසූරිය මහතා මුණ ගැසී කරන ලද ඉල්ලීම් මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.










