• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් පාර්ලිමේන්තු යයිද? හිරෙන් එළියට එයිද? SBගේ නඩුව ජාත්‍යන්තර අධිකරණයේ කතා කළ නීතිවේදියා කියන කතාව

February 10, 2021
in Exclusive, Uncategorized
Reading Time: 9 mins read
A A
රන්ජන් පාර්ලිමේන්තු යයිද? හිරෙන් එළියට එයිද? SBගේ නඩුව ජාත්‍යන්තර අධිකරණයේ කතා කළ නීතිවේදියා කියන කතාව
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනාවට වරදකරු වීම හා ඒ වෙනුවෙන් දඬුවම් පැනවීම නිසා රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා ඇති බව පුවත්පත් වාර්තාවකින් දුටු බවත්, එමගින් නීිතිපතිවරයා නීතියට වැරදි අනුවර්ථනයක් ඇති බවත් ආචාර්ය නිහාල් ජයවික්‍රම කියයි.

නීතිපතිවරයා පවසන අන්දමට රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමෙන් ව්‍යවස්ථාවේ එකසිය පහ 105 (3) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බැවින් බරපතළ වැඩ ඇතිව සිව් (4)වසරක සිර දඬුවමක් නියම කර ඇත. එසේ දඬුවම් පැමිණවීම නිසා ව්‍යවස්ථාවේ අසු නමය ඩී (89 (ඩී) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඔහුට අහිමිවන බවද නීතිපතිවරයා දන්වා ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන් බව ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසයි.

105 (3) වගන්තිය

අධිකරණයේදී හෝ ඉන් බැහැරදී හෝ අධිකරණයකට අපහාස කළේ වීනම් උපරිමාධිකරණයට සහ අභියාචනාධිකරණයට සිය කැමැත්ත පරිදි බන්ධනාගාර ගත කිරීමේ හෝ දඩ පැනවීමේ හෝ පමණක් නොව ඒ දඬුවම් දෙකම පැනවීමේ බලයද තිබේ.

89 (ඩී) වගන්තිය

පහත දැක්වෙන අයෝග්‍යතා ලැබුවකු තෝරාපත්කරනු ලැබීමට නුසුදුස්සකු වන්නේය.
(ඩී) කවර අන්දමේ අධිකරණයකින් හෝ මාස හයකට නො අඩු හෝ දෙ වසරකට නො අඩු හෝ සිර දඬුවමක් හෝ මරණ දඬුවම හෝ නියම වූවකුට,
89 (ඩී) වගන්තිය අනුව මූලික කරුණු හතරක් සමන්විත විය යුතුය. එසේ වූ විට කෙනනු තෝරා පත්කරනු ලැබීමට හෝ මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුස්සකු වන්නේය.

– (ඒ) වරදක්
– (බී) දෙවසරකට නො අඩු සිර දඬුවමක්
– (සී) අධිකරණයකින් දඬුවම් පැමිණවීම
– (ඩී) මාස හයකට නො අඩු සිර දඬුවමක් නියම වීම

වරදක්

105 (3) වගන්තිය යටතේ අපහාසය යන්න අර්ථ ගන්වා (දක්වා) නැත. එය අපහාසය “වරදක්” ලෙසින් දක්වාද නැත. එම වගන්තියේ සඳහන් කෙරී ඇත්තේ අපහාස කිරීමකට දඬුවම් කිරීමේ බලය අධිකරණයට ඇති බව පමණෙකි.
අපහාසය කුමක්ද? කවර ආකාරයේ එකක්ද? කවර ක්‍රියාවක්ද යන්න සඳහන් නොවුණද අපහාසය අධිකරණය තූළ හෝ කවර ස්ථානයක හෝ සිදුවූවද දඬුවම් කිරීමේ බලය අධිකරණය සතු බව පමණක් එහි දක්වා ඇත්තේය.
නීතිපතිවරයා වශයෙන් රාජකාරි කළ ඩිප්ලොක් සාමිවරයා විසින් අපහාසය “වාර්ගික සවේදීතාව” වශයෙන් විග්‍රහකර ඇතැයි ටෛම්ස් පුවත්පතේ එක්දහස් නමසිය හැත්තෑහතරේදී (1974) පළවී තිබූ බවක් 105 (3) වගන්තිය යටතේ දක්වා තිබේ.

ව්‍යවස්ථාවේ එකසිය එකොළහ සී (111-ජ* වගන්තිය යටතේ එය විස්තර කරනු ලැබ ඇත්තේ අධිකරණයට හෝ විනිසුරුවරයෙකුට හෝ කෙරෙන කවර ආකාරයක බලපෑමක් හෝ බලපෑමකට තැත් කිරීමක් හෝ යම් ක්‍රියාවක් වශයෙනි. එවැනි ක්‍රියාවක් මහාධිකරණයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් ලෙසිනි.

නඩු ඇසීමෙන් පසුව වරදට දඬුවම වශයෙන් දිය හැක්කේ වසරක් දක්වා සිර දඬුවමක් හෝ දඩයකි. එමෙන් ඡන්ද දායකත්වය සත් වසරකට අහිමිවීමය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සෑම වරදක් පිළිබඳවම දඬුවම් පැනවීමේ බලය සෑම මූලික අධිකරණයකටම පවරනු ලැබ ඇත.

මේ වැරදිවලින් කිහිපයක් සම්බන්ධයෙන් සිවිල් සහ අපරාධ විධිවිධාන පනතේ විස්තර දක්වා ඇත. එසේ දක්වා ඇති විස්තර අතර අධිකරණයේ දී කරෙන හරස් ප්‍රශ්න ඇසීම්වලදී පිළිතුරු දීමට අපොහොසත්වීම කිසියම් ලේඛනයක් ඉදිරිපත් නොකිරීම මෙන්ම සාක්‍ෂි දීමෙන් වැළකී සිටීමද අධිකරණයට අපහාස කිරීමේ වැරදි ලෙසට ලේඛන ගත කර තිබේ.
රන්ජන් රාමනායක යන පුද්ගලයාට එරෙහිව මේ කිසිදු චෝදනාවක් එල්ල කර නැත.

දෙවසරකට නො අඩු වගන්තිය යටතේ බන්ධනාගාර ගත කිරීම.

89 (ඩී) වගන්තිය යටතේ දෙවසරකට නො අඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පැනවීමට නම් වැරද්දක් කර තිබිය යුතුය. එහෙත් 105 (3) වගන්තියේ එ වැන්නක් ඇත්ත වශයෙන්ම නිර්දිෂ්ඨ නොවේ. බන්ධනාගාර ගත කිරීමට තරම් හෝ දඩ නියම කිරීමට තරම් හෝ කරුණක් එම වගන්තියේ විස්තර කෙරීද නැත.
අධිකරණයෙන් දඬුවම් නියම කිරීම.

කිසියම් පුද්ගලයකුට අධිකරණයකින් දඬුවම් නියම කිරීමට ඔහුට එරෙහිව චෝදනාවක්ද තිබිය යුතුය. එහෙත් 105 (3) වගන්තියේ ඒ අන්දමේ වරදක් සඳහන් කෙරීද නැත. ඒ අන්දමේ වරදක් කළ බවක්ද ඒ බවට චෝදනාවක්ද රන්ජන් රාමනායට එරෙහිව ඉදිරිපත් කෙරීද නැත.

එහෙත් ඒ වෙනුවට නඩු කටයුත්ත ආරම්භයේදී ලේඛකාධිකාරිවරයා (රෙජිස්ටාර්) විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායකට අදාළ නීතිය පමණක් කියවා දෙනු ලැබ තිබේ. එහෙත් අධිකරණ තීන්දුවේ අවසන් පූර්ව ඡේදයේ සඳහන් කෙරී ඇත්තේ, අප නීතිය තහවුරු (සහතික) කළා යන්න පමණි.
නඩු තීන්දු ප්‍රකාශයේ අවසාන ඡේදයේ සඳහන් “අපහාස කිරීිමේ වරදට 105 (3) වගන්තිය පරිදි අපි ඔහු වරද කර ඇති බවට තීන්දු කරමු”) යන ප්‍රකාශය මේ වාතාවරණය යටතේ කුකුසට හේතු වී ඇත.
මාස හයකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමේ වගන්තිය.

රන්ජන් රාමනායකට දුන් තීන්දුව වසර හතරක බරපතළ වැඩ ඇති සිර දඬුවමකි. එම තීන්දුව අසූ නමය ඩී 89 (ඩී) අනුව තෘප්ත වන්නකි. එහෙත් ඊට අදාළ වගන්ති සලකා බලා ඇති බවක් තහවුරු වන්නේ නැත.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මානව අයිතිවාසිකම් පිළිබඳ බහුපාර්ශවීය ප්‍රතිපත්ති ගිවිසුම වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රීය ජන රජයද අනුශාංගික වී ඇත.

ඒ අනුව එම ප්‍රඥප්තියේ කොන්දේසිවලට ශ්‍රී ලංකාවද අත්‍යන්තයෙන්ම බැඳී ඇති අතර එමගින් මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිටියේ ඇති බලයද අවබෝධ කර ගෙන ඇත්තේමය. මේ කොමිටුව සමන්විත වී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන්ගෙන් නොවේ. ජාත්‍යන්තර කීර්තිධර නීති විශේෂඥයන් දහ අට (18) දෙනකුගෙනි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සඳහන් වගන්තිවලට පටහැනි ක්‍රියාකාරකමක් කවර දේශයක කවර දීපයක කවර කුලයක මලයක කිසියම් ප්‍රාණියකුට සිදුවූ බවට කිසියම් නිවේදනයක් (පණිවුඩයක්) එම කොමිටියට ලැබුණේ වීනම් එම ක්‍රියාකාරකම පිළිබඳව සොයා බැලීමට පරීක්‍ෂණ පැවැත්වීමට එම කමිටුව සැදී පැහැදී ඇත්තේමය.

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර කමිටුව එක්දහස් නමසිය හැත්තෑ අටේදී (1978) දුන් තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා රන්ජන් රාමනායකගේ නඩු නිමිත්ත සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙළේද?

ශ්‍රී ලංකාවට එරෙහි එස්.බී.දිසානායක

“බලු තීන්දුවක් පිළිගන්නේ නෑ” යන්න එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඇමතිවරයකුද වූ ඇස්.බී දිසානායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අධිකරණයට අපහාස කිරීමක් සිදුවී ඇති බවට තීන්දුකළ අධිකරණය විසින් දඬුවම් පමුණුවනු ලැබිණි. අගවිනිසුරු සරත් එන්. සිල්වා ඒ අනුව ඇස්.බී. දිසානායකට බරපතළ වැඩ සහිත දෙවසරක සිරදඬුවමක් නියම කෙළේය.

ඒ අනුව මම වින්දිත එස්.බී. දිසානායක වෙනුවෙන් පෙනී සිටියෙමි.

මානව හිමිකම් කොමිසම තීන්දු කළේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සඳහන් වගන්ති අනුව වින්දිත එස්.බී. දිසානායක ගේ සිවිල් අයිතිවාසිකම් එම තීන්දුව නිසා අධිකරණයෙන් උල්ලංඝනය කෙරී ඇති බවයි. එපමණක් නොව එම දඬුවම (බරපතළ වැඩ සහිත දෙවසරක සිරදඬුවම) ඉතා කෲර එකක් යනුවෙන්ද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ නමය එක 9 (1) වගන්තිය උල්ලංඝනය කෙරී ඇති බවද පෙන්වා දෙනු ලැබිණි. වසර හතක් (7) ගතවන තුරු ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය එස්.බී. දිසානායකට අහිමි කිරීමෙන් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විසිපහ බී 25 (බී) වගන්තියද ලංකාව උල්ලඝනය කර ඇති බව ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව එස්.බී. දිසානායකට වන්දි ගෙවීමටත් අහිමි කර තුබූ ඡන්ද අයිතීන් යළි ස්ථාපනය කිරීමටත් ශ්‍රී ලංකා රජයට (ආණ්ඩුවට) නියෝග කරනු ලැබිණි.

අධිකරණයට අපහාස කිරීම

අධිකරණයේ එක්දහස් නමසිය අසූ තුනේ (1983) පැවැති අපහාස නඩුවක් (හේවාමාන්න-මණික් සිල්වා) සම්බන්ධව උපරිමාධිකරණ විනිසුරුවරුන් පස් දෙනකුගෙන් සමන්විත කොමිටුවක් විසින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය ඉතා තීව්‍ර අන්දමින් නිරීක්‍ෂණය කරනු ලැබිණි. එමගින් තීන්දු වූවේ එංගලන්තයේ පවත්නා අපහාස නීතියම මෙරටටද (ශ්‍රී ලංකාවේ) බවයි. එවකට අධිකරණයට අපහාස කිරීම හඳුන්වනු ලැබුවේ අධිකරණය කලක වශයෙනි. මේ දක්වාම පවත්නේ ඒ නීතියයි.

මේ සම්බන්ධයෙන් සලමන් සාමිවරයා එක්දහස් නමසිය හැත්තෑවේදී (1970) ප්‍රකාශ කර ඇත්තේ අධිකරණය කළකිරවීම අධිකරණයට අපහාස කිරීමේ ස්වරූපය ගන්නා බව වුවත් මේ දෙකම විපිළිසර, අවාසනාවන්ත සහ මුලාකෙරන්නක් බවයි.

ඓතිහාසික නඩු වාර්තා (නීති පද්ධති) විස්තර “අධිකරණයට කෙරෙන අපහාස” යනු හුදෙක් අධිකරණ විනිසුරුවරුන්ගේ මහේශාක්‍ය බව ආරක්‍ෂා කිරීම උදෙසා වන රුකුලක් සහ ඔවුන්ට එල්ලවන නින්දාවලින් ආරක්‍ෂා කිරීමක් ” මිස ඊට වැඩිමනත් වශයෙන් පවත්නා සත්‍යතාවක් නැති අතර එවන් අවශ්‍යතාවක්ද නැත. ඉංගිරිසි නීතිය සංශෝධනය කෙරී ඇත. අපරාධ සහ අධිකරණ පනත අවලංගු කෙරී තිබේ.

වරක් සාමි මන්ත්‍රී මණ්ඩලය අධිකරණයේ මහේශාඛ්‍යභාවයට කෙරෙන නින්දාව අධිකරණයට අපහාස කිරීමක් වශයෙන් දඬුවම් ලැබිය යුත්තක් නො වන බව විස්තර කෙළේය.

දකුණු අප්‍රිකාවේ අධිකරණ විනිසුරු සාක්ස් පැවසුවේ අධිකරණය කළකිරවීම සහ අපකීර්තියට පත්කිරීම යන වදන් වර්තමානය වනවිට යල් පිනූ ශබ්දකෝෂයට අයත් බවයි.

නීතිපතිවරයා උපරිමාධිකරණයේ සාධාරණව මැදිහත්වන්නා වශයෙන් පෙනී සිටීමට පටන් ගත්දා පටන් මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිටුවේ තීරණද ඉංගිරිසි නීති පද්ධතියේ නුදුරු අතීතයේදී ගැනුණු සංශෝධනද අදාළ නඩු කටයුතුවලදී අධිකරණයේ දැනුවත් භාවයට ඉදිරිපත් කළ යුතු නොවන්නේද?

අධිකරණය කළකිරවීම (අපහාස කිරීම) එංගලන්ත නීතියට අනුව තවදුරටත් දඬුවම් පැනවිය හැකි වරදක් නොවන බව මෙරට (ශ්‍රී ලංකාවේ) නීිතිපතිවරයා තවමත් නොදන්නේද? පාර්ලිමේන්තුවට නීත්‍යානුකූලව පත් වූ මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තවමත් නුසුදුස්සකුදැයි නීතිපතිවරයා තවමත් තීරණය කරන්නේද?

ඩේලි එෆ්.ටී. පුවත්පතේ පළවු ලිපිය පරිවර්තනය කළේ චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

වදුරොත් එක්ක ජීවත්වෙන බින්තැන්නේ වදුරු ළමයා සොය‌ා ගිය ගමන

Next Post

රටේම විරෝධය මැද යහපාලනය හකුලා ගත් ‘එට්කා’ ගිවිසුම ආණ්ඩුව යළි එළියට ගනී

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.