පක්ෂ නායකත්වය ඇතුලු එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කළ යුතු වෙනස්කම් සාකච්ජා කිරීම සදහා වන කමිටුව පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කොට ඇත.
ඒ අනුව වික්‍රමසිංහ පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, ආශූ මාරසිංහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරුන් නම් කර ඇති අතර ප්‍රේමදාස පිල නියෝජනය කරමින් රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් නම් කර ඇත.
මෙම සාකච්ජා ඊයේ (09) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් දෙපාර්ශ්වයේම එකගතාව මත හෙට (11) දිනට කල් දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට දින පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ජා පැවැත්වීමට නියමිතය.










