කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සුවය ලැබීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම සමග එක් වී තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අතරතුරදී ඔහු ක්‍රීඩා විවේකාගාරයේ සිටින අයුරු වාර්තා කර තිබුණි.
එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4වනදා සිදුකරන ලද PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වුණි.
එසේම ඔහු ආසාදිත වී තිබුණේ මේ වනවිට එංගලන්තයේ පැතිරයන කොරෝනා වෛරස ප්‍රභේදයෙන් බවද සෞඛ්‍ය බලධාරීන් පැවසීය










