මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2016 ෙපෙබරවාරි 28 වැනි දින වැඩ තහනමට ලක්වූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇත.
ඒ අනුව 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවිමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ඊයේ (24) අත්සන් තබා තිබේ.
කාර්ල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළව නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ තහනමකට ලක් කරනු ලැබ තිබිණ.











