දකුණේ මතුව ඇති අර්බුදකාරී දේශපාලන වාතාවරණය යටතේ නැවත වතාවක් උතුරේ දමිළ ජන්ද වර්ජනයකට දෙමළ ජාතික සන්ධානය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙමින් ඇත.
දැනට දකුණේ නම් ප්‍රකාශ වී ඇති කිසිදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් දමිළ ජනතාවට විශ්වාසයක් තැබිය නොහැකි නිසා මෙසේ ජන්ද වර්ජනයකට යා යුතු බවට විශාල මතයක් දෙමළ සන්ධානය තුළ මතුවෙමින් ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව යමින් සමස්ත ලංකා දමිල කොංග්‍රසයේ නායක ගජන් පොන්නම්බලම් මහතා දැනටමත් උතුරේ දමිල ජාතිකයන් ජනාධිපතිවරණයේදී ජන්ද වර්ජනයකට යායුතු බව කියමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
මේ අකාරයටම 2005 වසරේදීද කොටි නායක ප්‍රභාකරන්‌ගේ නියෝගයකට අනුව යමින් උතුරේ දෙමළ ජනතාව ජන්ද වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන්ම ජයග්‍රහණය අභියස සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්ව මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය හිමිවිය.










