ශ්රී ලංකාවේ ප්රවීණ දග පන්දු යවන්නකු වන මාලින්ද පුෂ්පකුමාර එල්.පී.එල්. තරගයක් පාවා දී ඇති බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇත.
ඊයේ කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැති තරගයකදී මාලින්ද නිපන්දුවක් යොමු කරන අතර එහිදී විචාරකයන් සදහන් කරන්නේ මෙම සිදුවීම අපරාධමය වංචාවක් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවත්ය.
එය විශ්වාස කළ නොහැකි නිපන්දුවක් බවත් විචාරකයන් සදහන් කර සිටියේය.










