දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඇද හැලෙන මහවැසි හේතුවෙන් කළුතර, රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
මීට අමතරව එම ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව දැක්වේ.