රාජපක්ෂවරුන්ට චෝදනා කරමින් සිදු කළ නෙළුම් කුළුණේ රුපියල් බිලියන දෙකේ කතාවෙන් පසු ඊයේ (18) දිනයේදී ජනාධිපතිවරයා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතා සුහද හමුවක් සිදුව තිබේ.
ඒ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය නිමිති කරගෙන ඊයේ (17) ගල්කිස්ස මහහෝටලයේ පැවැති තවත් උත්සවයකදීය.
ඊට ජනාධිපතිවරයාද සහභාගි වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුහදව එකම කෑම මේසයේ සිට සිනාසෙමින් කතාබහක නිරතව සිට ඇති බව දැනගන්නට ඇත.
බිලියන 2ක චෝදනාවක් එල්ල කර පැය 24ක් යාමට මත්තෙන් මෙසේ ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුහදව කළ කතාබහ දෙස උත්සවයේ සිටි සියලු දෙනාම පාහේ පුදුමයට පත්ව බලා සිට ඇති බවක්ද වාර්තා වේ.