විදේශ විශ්විද්‍යාල ලංකාවේ ස්ථාපිත කිරීම සදහා අවසර ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුරෝපා කොමිසමේ නියෝජිතයන් පිරිසක් අතර ඉකුත් දා පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇති බව ‘ඉකොනොමිනෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඊට අවශ්‍ය වටපිටාව සකස් කරනු පිණිස විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට විශ්වවිද්‍යාල කොමිසන් සභාව කටයුතු කරමින් සිටින බවද එම වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.
මෙහිදී තොරතුරු තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපන රටාවක් සහිත විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.










