එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 66 වන උපන්දිනය වෙනුවෙන් ප්‍රංශයේ පැරිස්හි වෙසෙන දෙමළ ජනතාව කේක් කපා සැමරුම් උත්සව පවත්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
එම අවස්ථාවට දමිළ ජනතාව විශාල වශයෙන් සහභාගී වී ඇති බවත්, ඔවුන් අත එල්.ටී.ටී.ඊ ධජ පැවැති බවත් එම මාධ්‍ය වාර්තා කොට ඇත.













