සිය කාර්ය මණ්ඩලයේ සේවකයෙකු නව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.
ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය සැලවීමෙන් පසු තමාද කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දුන් බවය.
එහි ප්‍රථිපල සෘණාත්මක වුවත් තමන් වෛද්‍ය උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට යොමු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.











