වරාය සුරකීමේ ජාතික සභාවේ සාමාජිකයන් ඊයේ (19 වැනිදා) පස්වරුවේ කළ සාකච්ඡාවකදී වරාය නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ එක්ව දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමිගේ නායකත්වයෙන් කමිටුවක් පත්කර ඇත.
එම කමිටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් 8දෙනකු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත වෙයි.
වරාය වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලි සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ එළැඹෙන සිකුරාදා (22 වැනිදා) දහවල් වරාය සුරකීමේ ජාතික සභාව මගින් ජැටිය පැවරීමට එරෙහිව කැබිනට් අනුකමිටුවට යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට මෙහිදී සාකච්ඡා වූ බවයි.
තවද මෙම යෝජනාවන් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිඵල නොලැබුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමටද සාකච්ඡා වූ බව ඔහු සඳහන් කළේය.










