දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කළ නොහැකි මට්ටමට කොවිඩ් රෝගය ව්‍යාප්ත වී ඇති බවත්, හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ඉදිරි සති කිහිපය තුළද සිදුවිය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට යෝජනා කළද එය ක්‍රියාත්මක නොකිරීමද මෙයට හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.










