සුදු වෑන් සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ජාවක් මුල් කරගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා අධිකරණය වරෙන්තුවක් නිකුත් කොට තිබේ.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට උපදෙස් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසය.
ඒ අනුව රහස් පොලිසිය කළ ඉල්ලීමට ඉඩ ලබා දෙමින් සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තුවක් නිකුත් කොට ඇත.
කෙසේවෙතත් චම්පික රණවක මහතා රිමාන්ඩ් බාරයෙන් ඇප ලබා පිටතට පැමිණ පැය කිහිපයක් යාමට මත්තෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මෙසේ නියෝගයක් නිකුත් කොට තිබේ.










