මෙරට විශාලතම සහල් මෝල් හිමියන් දෙදෙනා වන අරලිය සහල් නිෂ්පාදක, හිටපු ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන හා නිපුන සහල් නිෂ්පාදක සිරිපාල ගම්ලත් යන මහත්වරුන් දෙදෙනා කැදවා සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
උත්සව සමයේ පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ලෙස සහල් මිල ගණන් ඉහළ ගොස් තිබීමත්, පාලන මිලට සහල් විකිණීමට පියවර නොගැනීමත් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
එමනිසා වහාම තමන් සතුව ඇති සහල් තොග වෙළෙදපොළට නිකුත් කරන ලෙසත්, පාලන මිලට ජනතාවට සහල් ලබා දීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මේ දෙදෙනාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.










