පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සිදුවීම් කිහිපයක් මේ සතියේදී සිදුවීමට නියමිත බව දැනගන්නට තිබේ.
මීට සති 2කට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මුණගැසී ඇති අතර තමාගේ අමෙරිකානු පුරවැසි බව ඉවත් කරගැනීමේ නිල නිවේදනය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසට නිල වශයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව අමෙරිකාවේ එම නිල නිවේදනය මේ සති අන්තයේ නිකුත් වීමට නියමිත බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය මත මේ දිනවල රාජපක්ෂ කදවුර තුළ කිසියම් තැතිගැන්මක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.










