ඉදිරි පැය 24 ඇතුළත බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවන තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි අතර වයඹ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා ඛල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ගිං ගඟේ ධාරා ප්‍රදේශයේ බද්දේගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් පහළ ධාරා ප්‍රදේශයේ ගඟ දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.











