අගමැති වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා සජිත් ප‌්‍රේමදාස යන මහත්වරුන් අතර ඊයේ (23) රාත්‍රියේ පැවැති සාකච්ජාවලදී යෝජනා 3ක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සාකච්ජාව ආරම්භයේදී මුලින්ම විධායකය අහෝසි කිරීම, බලය බෙදා හැරීම ආදී මාතෘකා පිළිබද සාකච්ජා වී ඇති අතර පසුව දැනට මතුව ඇති අර්බුදය විසදාලීම සදහා යෝජනා 3ක් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇත.
ඉන් පළමු යෝජනාව වී ඇත්තේ පක්ෂ නායකයා වශයෙන් සියල්ලන්ගේම සහාය ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය.
දෙවැන්න පක්ෂයේ ඇතිවන බෙදීම වළක්වා ගැනීම සදහා සියලු දෙනාම ඒ්කරාශී කරගත හැකි මෙන්ම සමගි කර ගත හැකි කරු ජයසූරිය මහතාට ජනපති අපේක්ෂකත්වය ලබා දීමය.
තුන්වන යෝජනාව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දෙන දිනය යෝජනාවක් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කිරීමය. ඒ අනුව ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්මත කරන යෝජනාවත් සමග 2024දී පක්ෂය සජිත්ට භාර දෙන බවට වූ යෝජනාවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකවර සම්මත කිරීමට නියමිතය.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට නියමිතය.
කෙසේවෙතත් මේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පැවැති සාකච්ජාවේදී අවසන් එකගතාවයකට පැමිණ නැති අතර අද (24) රාත්‍රියේදී දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයන් අරලිය ගහ මන්දිරයේදී මුණගැසී ඒ සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීමට නියමිතය.










