ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ වාසිය ජනතාවට ලබා ගත යුතු නම් එළඹෙන මහමැතිවරණයේදී තුනෙන් දෙකක විශේෂ බලයක් ලබා දෙන ලෙසට ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටින්නේ මේ වනවිට සුලුතර බලයක් යටතේ ආණ්ඩුව ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බවත්, මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගත නොහැකි වුවහොත් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ වාසිය ජනතාවට නොලැබී යා හැකි බවත්ය.
එමෙන්ම වැඩි දුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිහිප දෙනකු මහමැතිවරණයේදී වෙනත් සලකුණකින් සන්ධානයක් ලෙස ඉදිරිපත් විය යුතු බව කීවද තමන් ඇතුලු බහුතරයක් පොහොට්ටුව ලකුණින් තරග වැදිය යුතුය යන ස්ථාවරයේ සිටින බවකි.










