උතුරු පළාත් හිටපු මහඅමාත්‍යවරයා වන සී.වී. විග්නේෂ්වරන් මහතා දකුණු ඉන්දියාවේ ප්‍රකට නළුවකු මෙන්ම දේශපාලකයකුද වන රජ්නි කාන්ත් මහතා මුණ ගැසී සාකච්ජා පැවැත්වීමට කටයුතු කොට ඇත.
චෙන්නායිහි පිහිටි රජ්නි කාන්ත් මහතාගේ නිවෙසේදී මෙම හමුව සිදුව තිබේ.

මෙහිදී උතුරේ දමිළ ජනතාවගේ ප්‍රශ්න පිළිබද සාකච්ජා කොට ඇති විග්නේෂ්වරන් මහතා රජ්නි කාන්ත් මහතාට ලංකාවට පැමිණෙන ලෙසට ආරාධනාවක්ද කර ඇත.
ඊට රජ්නි කාන්ත්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද දැනගන්නට ඇත.










