රන්ජන් රාමානයක මහතාගේ නිවෙසින් හමුවූ දුරකතන සංවාද සම්බන්ධයෙන් අද (13) සිට පරීක්ෂණ ආරම්භ කිරීමට රසපරීක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ඉදිරි කාලයේදී එම හඩපටවලට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුවනු ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව රන්ජන්ගේ නිවෙසින් සොයා ගත් බලපත්‍ර රහිත ගිනිඅවිය සම්බන්ධයෙන්ද අද දිනයේදී විමර්ශන කිරීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.










