ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත පිරිනැමීමට නියමිතව තිබූ විශේෂ හමුදා උත්තමාචාරය, බාහිර සැරසිලි, ආචාර වෙඩිමුර සියල්ල නවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ඒ අනුව අද (03) දින පැවැත්වෙන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපිත් කිරීමේ අවස්ථාව ඉතා චාම් අයුරින් පැවැත්වීමට තීන්දු කර ඇත.
මීට අමතරව ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට වසර තුනක් ඉක්ම යනතුරු වාහන මිලදී ගැනීමට නොහැකි බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.