මෙතෙක් පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුව අද (03) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට සභා ගැබට පිවිසියේය.
ජනාධිපතිවරයා සිය තනතුරෙහි දිවුරුම් දීමේ අවස්ථාවේදී හා ඊට පසු කිසිදු අවස්ථාවකදී සාමාන්‍යයෙන් මෙතෙක් සිටි ජනාධිපතිවරුන් මෙන් ජාතික ඇදුම හෝ කුරහන් සාටකය සහිත ජාතික ඇදුම හෝ භාවිතා කළේ නැත.
ඒ වෙනුවට ජනාධිපතිවරයා තමන්ට හුරුපුරුදු සැහැල්ලු ඇදුමකින් සැරසී සිටි ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා සිය පළමු විදෙස් සංචාරය වූ ඉන්දියාව බලා පිටත්ව ගියේද මෙම සැහැල්ලු ඇදුමින් සැරසීය.
කෙසේවෙතත් එම සැහැල්ලු ඇදුමින් සැරසී පාර්ලිමේන්තු සභාගැබට ඇතුළුවිය නොහැකි බැවින් ජනාධිපතිවරයා අද දිනයේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් සම්පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුව පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයක් දැකගත හැකි විය.
මෙසේ යුරෝපීය ඇදුමින් යුතුව පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ පළමු ජනාධිපතිවරයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතාය.
මෙතෙක් සිටි ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන සියලු දෙනාම ජාතික ඇදුම හැද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඔසරිය හැද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළාය.