අද වන විට කොළඹ නගර බල ප්‍රදේශයේ උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල ප්‍රදේශවල ජනතාව ඉතා අසීරුතාවට පත්ව සිටින බවත්, ජීවනෝපාය අහිමි වීමෙන් ජනතාවට ජීීවත් විය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පෙන්වා දෙයි.
එම නිසා වහාම ආණ්ඩුව මැදිහත්වී එම ජනතාවට ආහාර ලබා දිය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.
එමනිසා රුපියල් පන්දහස ලබා දීමෙන් නොනැවතී හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනතාවට සහන ලබා දෙන ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සීටී.










