කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා තව දුරටත් වසා දමා ඇති කොළඹ නගරයේ ඇතැම් ප්රදේශවල ජනතාව අද (21) පාරට බැස එක්රැස්වී විරෝධතා පැවැත්වූහ.
ඔවුන් සඳහන් කරන්නේ තමන්ට අත්යවශ්ය භාණ්ඩ දැඩි හිගයක් ඇති බවයි.
දිගු කාලයක් වසා දමා තිබූ නිසා තමන් දැඩි පීඩාවට ලක්ව සිටින බව ද ඔවුහු කියා සිටිති.










