• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනාවෙන් චීනය ලෝකයටම කොළේ වහපු හැටි එළියට එයි

May 25, 2020
in News, Politics, Uncategorized
Reading Time: 1 min read
A A
කොරෝනාවෙන් චීනය ලෝකයටම කොළේ වහපු හැටි එළියට එයි
Share on WhatsAppShare on Facebook

චීනය විසින් ලොවට දායාද කරන ලද කොරෝනා වෛරස් වසංගතය නොහොත් ‘වූහාන් වෛරසය’ යනු සමස්ත ලෝක මනුෂ්‍ය වර්ගයාම මහා අනතුරක හෙළන ලද සාපරාධී කුමන්ත්‍රණයක් යැයි ‘ඊයූ ක්‍රොනිකල්’ නමැති ප්‍රකට යුරෝපීය සංගම් සඟරාව ප්‍රකාශ කර සිටියි. ලෝක ප්‍රජාවගේ ජීවිත පමණක් නොව සමස්ත ගෝලීය ආර්ථිකයද මහා අගාධයකට ඇද දැමීමට මෙම සාපරාධී කුමන්ත්‍රණය ක්‍රියා කළේ යැයි එම මාධ්‍ය වාර්තාව දැඩි ලෙස අවධාරණය කර සිටියි. එසේම මෙම චීන වෛරස රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් මනුෂ්‍යයාට සහ ආර්ථිකයට සිදුවන මහා පාඩුව ගණනය කළ හැකි එකක් නොවන බවත්, සමස්ත ගෝලීය භූ දේශපාලනයටම එය ඉතාමත් දරුණු ලෙස ප්‍රතිරාව දෙමින් බලපෑම් කළ බවත් ඉහත මාධ්‍ය වාර්තාව පෙන්වා දෙයි.
මෙම කොරෝනා වෛරස් රෝගය ගැන කරුණු දැනගත් මුල් අවස්ථාවේදී එය වසන් කිරීමට චීන නායකත්වය සිතාමතාම කටයුතු කළ අතර, ඒ හෙයින් රෝගය අනෙකුත් රටවලට පැතිර යෑම සිදුවූ බැව් අවධාරණය කර ඇත. එසේම රෝගයේ ව්‍යාප්තිය නැවැත්වීමට චීන බලධාරීන් සිතාමතාම කටයුතු නොකළ අතර, ඒ හෙයින් තත්ත්වය දිනෙන් දින අතිශය භයානක තත්ත්වයට පත්විය. ඉන් පසුව චීනය තුළ සිටින කොරෝනා රෝගීන් සහ මරණ ගැනද අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර, චීනයට එරෙහිව නැඟෙන අපවාදවලින් බේරීම සඳහා චීන ආධාර ලෝකයට බෙදාදීම වර්ණනා කරමින් සිදු කරන්නට ගත්තේය. 2020 වසරේ ජනවාරි – පෙබරවාරි මාසවලදී චීන නායකත්වය කටයුතු කළ ආකාරයෙන් මේ බැව් මනාව කැපී පෙනෙයි.
මින් පෙර චීනයේ ඇතිවුණු මිනිසාගෙන්, මිනිසාට ආසාදනය වන ‘සාර්ස්’ වසංගතය ආකාරයේ මෙම කොරෝනා රෝගය ගැනද හොඳින්ම කරුණු දැනගත් බවත්, එම තොරතුරු වසන් කිරීම නිසා වූහාන් නගරය පවා වසා දැමීමට සිදුවිය. අනතුරු හැඟවීම් ගැන අවධානය යොමු කරනවාට වඩා චීනයේ කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය වන්නේ එම කටහඬවල් නිහඬ කිරීම යැයි ඉහත යුරෝපීය සංගම් මාධ්‍ය වාර්තා චෝදනා කර සිටියි. කොරෝනා රෝගය ගැන මුලින්ම හෙළිකරගෙන ඒ ගැන කරුණු ප්‍රකාශ කළ ලී වැන්ග්ලින්ග් චීන වෛද්‍යවරයාට එරෙහිවද ඒ ආකාරයෙන්ම චීන රජය දැඩි පියවර ගත් අතර, ඔහුට එරෙහිව නීතිමය මට්ටමින්ද කටයුතු කළේය. අවසානයේදී ඔහුට අවාසනාවන්ත ලෙස කොරෝනා රෝගයද වැලඳී අබිරහස් ලෙස මියගියේය.
මුල් අවදියේදී කොරෝනා වෛරසය ගැන පර්යේෂණ පැවැත්වූ චීනයේ ප්‍රධාන රසායනාගාරවලට චීන රජය නියෝග කළේ එම වෛරස සාම්පල සියල්ලම විනාශ කර දමන ලෙසය. එසේ සිදුකිරීමෙන් අදහස් කරනු ලැබුවේ චීනයෙන් මෙම වෛරසය බිහිවුණා යැයි කියන සාධකයෙන් මිදීමය. එහෙත් එය පුහු ක්‍රියාවලියක් වන අතර වෛරසය ගැන ප්‍රධාන පර්යේෂණ සිදුකළ බෙයිජින් අගනුවර පිහිටි ජාතික සෞඛ්‍ය සායනික මධ්‍යස්ථානය මුළුමනින්ම වසා දැමීමටද කටයුතු කළේය. කොරෝනා වෛරස් ‘ජානමය අනුක්‍රමය’ ගැන මුලින්ම පර්යේෂණ පවත්වා එහි වගතුග හෙළිකළේ මෙම රසායනාගාරය වන අතර, එම ප්‍රතිඵලවලින් පැහැදිලි කළේ වෛරසයේ ඇති ජාන සහ ඩී.එන්.ඒ. ප්‍රභේද ගැනය. එම පර්යේෂණ මඟින් වෛරසේ සැබෑ හැඩරුව හෙළිවූ අතර, චීන බලධාරීන් එවිට දැඩි කලබලයට සහ කෝපයට පත්විය. ඉහත පර්යේෂණාගාරය එවිට සීල් තබා වසා දැමීමට කටයුතු කළේය.
මෙවැනි වගතුග අදටත් ලෝකය දන්නේ නැත. චීනය එකල සිදුකළ මර්දනකාරී ක්‍රියාවන් ගැන තොරතුරු හෙළිවෙමින් තිබෙන්නේ දැන්ය. මෙම කොරෝනා රෝගයේ බැරෑරුම්කම සත්‍ය ලෙස දැන ගන්නට ලැබුණේ රෝගීන්ගේ එදිනෙදා වැඩිවීමත්, ඉන් පසුව එම රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල හදිස්සියේම රෝගී වීමට පටන් ගැනීමත් හේතුවෙනි. මෙම රෝගය පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට ඉතාම ශීඝ්‍ර ලෙස ආසාදනය වන බැව් එයින් නිගමනය කර ගත්තේය. එහෙත් එම නිගමනයන් පවා සමාජයට පැතිර යෑමට නොදී මර්දනය කිරීමට චීන රජය වහා පියවර ගත්තේය.
මේ අතර වූහාන් නගරයේ සහ හුබෙයි ප්‍රාන්තයේ නගරාධිපතිවරුන් වහා මෙම වසංගත තත්ත්වයට මැදිව අවශ්‍ය පියවර ගනිමින් සිටියේය. ඔවුන් බොහෝ නිර්ව්‍යාජව, කාර්යක්ෂමව කටයුතු කරන්නට ගත්තේය. එහෙත් බෙයිජින් අගනුවර චීන බලධාරීන් එයට ඉඩ දුන්නේ නැත. මෙම නගරාධිපතිවරුන් දෙදෙනා සිටියහොත් වසංගතයේ රහස් තවත් සමාජයට හෙළිවන බැව් දැන ගත්තේය. ඒ නිසා වහා ක්‍රියාත්මක වන පරිදි නගරාධිපතිවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා චීන විප්ලවීය හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු පත් කළේය. ජෙනරාල් චෙන්ග් වෙයි නමැති මෙම හමුදා නිලධාරියා චීනයේ ප්‍රකට ජෛව යුධෝපක්‍රම විශේෂඥයකු ලෙස නමක් ගත් පුද්ගලයෙකි. ඔහු ඒ වන විට වූහාන් වෛරසය පර්යේෂණාගාරයේ ප්‍රධාන විශේෂඥ තනතුරක සේවය කරමින් සිටියේය. කොරෝනා වෛරසය සමාජයට මුදාහැරුණේ මෙම වූහාන් රසායනාගාරය තුළින් යැයි අද ලෝක මතයක්ද ඇත.
කෙසේ හෝ වූහාන් නගරයේ දිනෙන් දිනම රෝගීන්ගේ ප්‍රමාණය අධික විය. එහෙත් දැන් පත්වී ඇති නව බලධාරීන් සෑම විටකම ක්‍රියා කළේ මෙම රෝගය පුද්ගල, පුද්ගල ආසාදනය නොවන රෝගයක් බවට පෙන්වීමටය. මෙම නව රාජ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත වූහාන් නගරයේ ජාතික සෞඛ්‍ය කොමිසම සහ අනෙකුත් සියලු වෛද්‍ය ආයතන සියල්ලම කටයුතු කරන්නට විය. 2019 නොවැම්බර් අවසාන සතියේ සිට 2020 ජනවාරි මාසය මුල දක්වා මෙම රෝගයේ බැරෑරුම්කම වසන් කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ ගැන නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ 2019 දෙසැම්බර් 30 වැනිදාය. මේ අතරම චීන බලධාරීන් අතිශයම බිහිසුණු ක්‍රියාවලිය සිදු කළේය. එනම් කොරෝනා රෝගය ආරම්භ වුණු වූහාන් නගරයේදී චීන ජාතික අවුරුදු උත්සවය සැමරීමට ජනතාවට ඉඩ ලබාදීමය. මෙය ඉතා උත්කර්ෂවත් ලෙස ජනවාරි 06 සිට ජනවාරි 11 දක්වා සතියක් පුරා පවුල් 40,000කට අධික සහභාගිත්වයක් ඇතිව සිදුකෙරිණි.
‘කොරේ පිටට මරේ’ යැයි කියමන සිහිපත් කරමින් තත්ත්වය අතිශයින්ම බියකරු විය. මේ මාරක රෝගයක කිසිදු බැරෑරුම්කමක් නොදන්නා අහිංසක චීන ජනයා සතියක් පුරා එකා මත එකා වැටී අලුත් අවුරුද්ද සමරන්නට වූහ. වූහාන් නගරයේ ඒ මිනිසුන්ට ඉන්පසු අත්වුණු භයානක ඉරණම වූයේ අවුරුදු සමරා දින කිහිපයක් යන්නට මත්තෙන් මාරයා සමඟ අවසන් ගමන් යන්නටය. අලුත් අවුරුද්ද එක පොදියට සැමරූ ජනයා විශාල ප්‍රමාණයක් කොරෝනා රෝගයට ගොදුරුව ඉතාම අවාසනාවන්ත ලෙස මියගියේය. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් තිබියදීත් තවද චීන රජය මෙම තතු ලොවට ප්‍රචාරය වීම මර්දනය කළේය. කෙසේ හෝ අවසානයේදී බැරිම තැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ පසු එම සංවිධාන ප්‍රධානියා ඇතුළු නියෝජිත කණ්ඩායමක් වහා ජනවාරි මාසයේ මැදදී චීනයට පැමිණියේය. එම හමුවේදීද චීන ජනාධිපති ෂී ජින් පින්ට දොස් පැවරී තිබුණේ රෝගය ගැන ලොවට හෙළි කිරීම ප්‍රමාද කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාට බලපෑම් කළේ යැයි කියන වගතුගක් හරහාය.
චීනයේ බලධාරීන් විසින් සිදුකළ මෙම මර්දනකාරී තත්ත්වය එදා සිට අද තෙක්ම ක්‍රියාත්මක වන බවට චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. පසුගිය මාර්තු 02 සිට අප්‍රේල් 01 දක්වා පමණක් මෙම කොරෝනා වෛරසය රෝග තොරතුරු අන්තර්ජාලය හරහා බෙදාගත් පුද්ගලයන් 897ක් අත්අඩංගුවට ගැනීමටද චීන බලධාරීන් කටයුතු කර ඇත. එසේම මාධ්‍යවේදීන් රැසක්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා ඇත. චීනයේ සිටින විදෙස් මාධ්‍යවේදීන් රැසක්ද මර්දනයට ලක්ව ඇත. චීනයේ විදෙස් මාධ්‍යවේදීන්ගේ සංසදය එම තත්ත්වය ගැන පසුගියදා විශේෂ වාර්තාවක්ද ප්‍රකාශයට පත්කළේය. එසේම චීනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ රාජ්‍ය වෙබ් අඩවි හරහා අනෙක් ස්වාධීන වෙබ් අඩවිවල පළවන විවිධ කොරෝනා පුවත් වාරණය කිරීම සහ විනාශ කර දැමීමද සිදුකරනු ලබයි.
මේ අතර තවත් අපූරු පුවතක් ලෙස පසුගියදා වාර්තා වූයේ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නියුතු චීනයේ මහා ධන කුවේරයකු සහ කොමියුනිස්ට් පක්ෂ ප්‍රබල සාමාජිකයකුද වන රෙන් ෂික්වියෑන්ග් නමැති චීන ජාතිකයා වත්මන් චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ක්‍රියාකලාපය අතිශය දරුණු ලෙස විවේචනය කරමින් විවෘත ලිපියක් ප්‍රකාශයට පත්කිරීමය. එම සිදුවීමත් සමඟ චීන බලධාරීන් වහා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. මෙම ධන කුවේර ව්‍යාපාරිකයා තම විවෘත ලිපිය මඟින් ප්‍රකාශ කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ක්‍රියාකලාපය හේතුකරගෙන කොරෝනා වසංගතය අති දරුණු ලෙස ව්‍යාප්ත වීම සිදුවනු බැව්ය.
මේ අතර තම රටට එරෙහිව විවිධ පාර්ශ්වවලින් නඟන හඬ මැඬලීම සඳහා චීනය විසින් පසුගිය කාලය පුරා බොහෝ රටවලට මූල්‍යමය ආධාර සහ වෛද්‍ය ආධාර විශාල වශයෙන් ලබාදී ඇත. සමහර රටවල් චීනයේ එම ‘කිරි පෙවීමට’ රැවටී බොහෝ සාවධානව නිශ්ශබ්ද බළලුන් මෙන් සිටිති.

පරිවර්තනය – ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තුන්දෙනෙක් එක්ක පල්ලන්සේන කඳවුරේ රාජිත ගතකරන ජීවිතේ

Next Post

කවින්දගේ ඔළුවට කඩන් වැටුණු අසභ්‍ය වීඩියෝව…

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Uncategorized

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.