• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කිරි සුව‌‌ඳට එතී දැනුණු ආදරේ… මැකී නොයයි දැරුවත් බුදු චීවරේ…

January 11, 2021
in News, Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
කිරි සුව‌‌ඳට එතී දැනුණු ආදරේ… මැකී නොයයි දැරුවත් බුදු චීවරේ…
Share on WhatsAppShare on Facebook

තමාව දසමසක් කුස දැරු මව්තුමියට සලකන බුදු පුතෙක් ගැන අපිට අහන්නට ලැබූණා. ඒ ස්වාමින්වහන්සේ වැඩවෙසෙන්නේ හෝමාගම පිටිපන දකුණ, ගලගාහේන, සීවලි සදහම් සෙවණෙයි. උන්වහන්සේ ආගමික ශාසනික මෙහෙවර කරමින් මව්තුමිය පෝෂණය කරමින් කල්ගෙවන බව අපට දැනගන්නට ලැබුණා. ඒ ගෝණදෙණියේ සීවලි ස්වාමින් වහන්සේයි. ඒ පිළිබදව අපි සොයායන්නට කටයුතු කළා. සීවලි හාමුදුරුවන්ගේ පවුලේ දරුවන් නව දෙනෙක්. දියණියන් තිදෙනෙක් සහ පුතුන් හයදෙනෙක් ගිහිගෙය හැරදා ගිහින් තියෙන්නේ කුඩා කාලේදියි. උන් වහන්සේ පවුලේ අටවැන්නායි. අම්මා නමින් කරුණාවතියි. ඇගේ නම වගේම ඇයද කරුණා ගුණයෙන් පිරි ඉතිරෙන මව්තුමියක්. ඇය දැන් පසුවන්නේ අසු නව වැනි වියෙහියි. කුඩා කල සිටම උන් වහන්සේගේ දෙමව්පියන් ගොවිතැන් කර දරුවන්ව උස්මහත් කර බවද අපට දැනගන්නට ලැබුණා. සීවලි ස්වාමින් වහන්සේ විස්තර කළේ මෙසේයි.
ස්වාමින් වහන්සේ ගිහිගෙය හැරදා එනකොට වයස කියද?
අම්මා මාව සාසනේට බාරදෙනකොට මගේ වයස අවුරුදු එකොළහයි. අප්පච්චි නම් කැමති වුණේ නැහැ මම පැවිදි වෙනවාට.
ස්වාමින් වහන්සේගේ කැමැත්තෙන්ද නැත්නම් දෙමව්පියන්ගේ ඕනෑකමටද මහණ වුණේ?
පොඩිකාලේ ගමේ පන්සලේ හාමුදරුවන්ගේ පැවතුම් දැකලා තමයි පැවිදි වෙන්න හිතුනේ. අම්මා නිතරම පන්සලට පොඩිකාලේ යන එනකොට, මමත් ගියා. පොඩි කාලේ නිදාගන්න යන්නේ අම්මාට තාත්තාට වැඳලයි. එවන් සමාජයක් තුළ හැදුණේ වැඩුණේ. දැන් එවැනි පරිසරයක් දකින්න ලැබෙන්නේ නැහැ. අද සමාජය අගාධයට යන්නේ දෙමව්පියන්ට ගරු නොකිරීම නිසයි.
මහණ කරනවාට තාත්තා කැමති වෙලා නැතිකොට අම්මා කිරින්දේ ලොකු හාමුදුරුවන්ට ලිපියක් යවලා තාත්තා කැමති කරලා දෙන්නයි කියලා තියනවා. ඊට පිළිතුරු ලිපියක් එවා තාත්තාට කියලා තියෙනවා දරුවෙක් සාසනේට බාරදුන්නාම හතර වරිගයම නිවන් දකින්න පුළුවන් මහඟු පුණ්‍යකර්මයක් බව, ඊට පස්සේ තමයි තාත්තා කැමති වෙලා තියෙන්නේ මේ පුංචි දරුවාව සාසනේට බාරදෙන්න. අම්මා කෙනෙක්ට දරුවෙක්ව සාසනේට පුජා කරන්න සිතක් පහළ වෙන ඒක එතරම් ලේසි පහසු දෙයක් නොවෙයි. පැවිදි දිවියට පත්වෙලා තියෙන්නේ මාතර කිරින්ද පුහුල්වැල්ල පුර්වාරාමේ පන්සලේදියි.
මෙවැනි මව්වරුන් සහ පියවරුන්ගේ සැදෑ සමය වෙනුවෙන් සමාජය පෙනී සිටිය යුතු නොවේද? ගරුතර ස්වාමීන්වහන්සේලාට තම මව්පියවරුන් විහාරස්ථානයේ තබා ගනිමින් උවටැන් කිරීමට සමාජය ඉඩ ලබා දී තිබේද? මේ පූජනීය ගෝණදෙණියේ සීවලී හිමියන් ඊට ක්‍රියාවෙන් පිළිතුරු සොයන ආකාරයයි.
උන්වහන්සේට ලස්සනට බණ දේශනා කරන්න වගේම මනස සනහාලන්න ගී කියන්නටද පුළුවන්. මිට අමතරව පොත් කිහිපයක්ද කවි විශාල ප්‍රමාණයක්ද ලියා තිබෙනවා. ප්‍රසිද්ධිය පසුපස හඹානොගිය ස්වාමින් වහන්සේ නමක් වශයෙන් උන් වහන්සේව මා දකින්නේ. උන්වහන්සේ සිල් සම්පන්න වගේම ගුණසම්පන්නයි. එවන් සඟ චරිතයක් බිහිකරන්න මේ අම්මා කොච්චර නම් දුක් විඳින්න ඇත්ද? සාසනේට මෙවැනි බුදු පුතෙක් බාරදීමෙන් ලැබෙන පින කියලා නිම කරන්න බැහැ.
තමන් දසමාසයක් කුස දැරූ තම අම්මාව පන්සලට ගෙනත් සලකන්න තරම් උන්වහන්සේ ගුණවත්ව. ඒ අම්මා නැත්නම් සිවලි හාමුදුරුවන් වැනි බුදු පුතෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේ සිල්වත්කම වගේම මව්තුමිය රැකගෙන කටයුතු කරනවා. බුදු සසුන බබළවන බුදු පුතුන් බිහි කරන මව්වරුන් ලෝකයට සිදු කරන්නේ අති විශාල පරිත්‍යාගයක්. දරුවන් සාසනේට බාරදුන්නාම සමහර තැන්වලදි දෙමව්පියන් අසරණ වෙන අවස්ථා තියෙනවා. ඒ ගෙවල්වල ඉන්න දරුවන්ගේ ස්වාභාවය අනුවයි.
ගොඩාක් ස්වාමින් වහන්සේලාට දෙමව්පියන් රකින්න ඕනේ. නමුත් ඒ දේ කරගන්න බැරුවයි ඉන්නේ. පන්සල්වලට දෙමව්පියන් ගෙන්න ගත්තාම කටකථා කියනවා. ඒකට හොඳ උත්තරයක් සීවලි ස්වාමින් වහන්සේ දීලා තියෙන්නේ. මේ කාලේ දෙමව්පියන් සත්තු වගේ පාරවල්වල දාලා යනවා. දස මාසයක් කුස දැරූ අම්මාට ජිවිතයට ශක්තිය දුන්න තාත්තාට එහෙම කරන්න හොද නැහැ
අම්මා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. “ගෙදර බුදුන්” විදියටයි දෙමව්පියන්ව සැලකුවේ. ඈත අතිතයේ බුදු රජාණන් වහන්සේගේ කාලයේ පවා අම්මාගේ ආශිර්වාදය තමයි නිවන් දකින්නට ලැබිලා තියෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් සිවුරු ඇරලා යන්න හැදුව කථාවක් අපි අහලා තියෙනවා. ඒ දෙමව්පියන්ව සලකන්න කවුරුත් නැති නිසයි. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩලා හරි මෑණියන් වහන්සේව පෝෂණය කරන්න යනුවෙන්. දෙමව්පියන්ට සැලකීම මංගල කාරණයක් ලෙස මහා මංගල සුත්‍රයේද සඳහන් කරලා තියෙනවා. වසල සුත්‍රයේ දෙමව්පියන්ට නොසලකන්නා වසලයෙකු ලෙසද සඳහන් කර තිබෙනවා. එයින් පෙනීයන්නේද බුද්ධ කාලයේ පවා දෙමව්පියන්ව බලාගන්න අවසර දීලා තිබුණු බවයි.
අම්මා කෙනෙක්ට තමන්ගේ කුස තුළ දරුවෙක් පිළිසිඳගෙන ඉන්නකොට තමන්ගේ අත යන්නේ හිසට නෙවෙයි කුසටයි. ඒ කුසතුළ වැඩෙන දරුවාට අනතුරක් වේයැයි බියෙන්. ඒ අම්මලාගේ ස්වාභාවයයි. අම්මා කෙනෙක් දරුවෙක් කුස තුළ ඉන්නකොට කොතරම් කැපකිරිම් කරලා තියෙනවාද? ඒ අඳුරුම කාල සීමාවක්. සමහර ආහාරපාන පවා දරුවාට හොඳ නැතිකොට, මේ දවස්වල ගන්න හොද නැහැ කියලා වැළකෙනවා. නිරෝගි දරුවෙක් මේ ලෝකෙට බිහිකරන්න කොතරම් නම් කැපවෙනවාද? ඒක කියලා නිම කරන්න බැහැ.
කුඩාකාලේ තම දරුවන් හදන්නේ දුක් විදලයි තාත්තලා දරුවන්ව පෝෂණය කරන්න උරදෙන කොට අම්මා මව්කිරි බිඳෙන් බිඳ පොවලා දරුවන්ව ලොකු කරනවා. දෙමව්පියන් කැමති තම දරුවන් මේ ලෝකේ රජ වෙනවා දකින්නටයි. සමහර වෙලාවට කුසට අහරක් නොගෙන තම දරුවන්ට කන්න දෙනවා. රසකැවිලි ලැබුණු වෙලාවට තමන් නොකා ගෙනත් දෙන්නේ තම දරුවන්ටයි. දෙමව්පියන් දරුවන් ලොකුවෙනකන් බලාගන්නේ තමන්ගේ ඇස් දෙක වගෙයි. දරුවන් ගෙදරින් ගිහින් එනකන් කඩුල්ල ළඟට වෙලා මග බලන් ඉන්නේ අම්මලායි.
උන් වහන්සේගේ ගී සංකල්පනා තුළින් අම්මා ගැන ගුණ වර්ණනා කරන ආකාරයෙන් කොතරම් සෙනෙහසක් දක්වනවාද කියලා අපට වටහා ගත හැකියි. ඒ සිතට දැනෙන කවි ඇසෙනකොට ඔබගේ නෙතටත් කඳුලක් උනන බව නොඅනුමානයි.

බෝ සෙවනක් සේ
සිසිලස ගෙනදුන් අපේ අම්මේ
දිය උල්පත සේ
ආදර සෙනෙහේ ගැලුව අම්මේ
මගේ සුන්දර ලෝකේ
ඔබ සෙනෙහෙ රැජින අම්මේ
තිසරණ බලයෙන්
නිරතුරු සැප වේවා අම්මේ

සඳෙන් විහිදුවන
සොමිගුණ විලසින් අපේ අම්මේ
කරුණා මෙත් මුදිතා
ගුණ පතුරාලන අම්මේ
දුක් කරදර කරවට තෙක්
තිබුණත් අපේ අම්මේ
තුනුරුවනේ ආසිරි ලැබ
සැනසෙන් අපේ අම්මේ

අම්මා තම බුදු පුතුන් ගැන අදහස් දැක්වුයේ මෙහෙමයි.
මේ පොඩි දරුවාව සාසනේට බාරදෙනකොට මොනවාද හිතුනේ අම්මාට?
“දරුවෙක් සාසනේට දීලා මහණ කළාම ඒ පින් බලය ඇති බුද්ධ ශාසනය බබළවන්න කියලා අපේ අප්පච්චි කියලා තියෙනවා. පන්සලේ හාමුදුරුවෝ නැත්නම් අපට හොඳ නරක කියලා දෙන්නේ කවුද?”
මොනාද ස්වාමින් වහන්සේ ගැන කියන්න තියෙන්නේ?
“මට හරිම සන්තෝසයි හාමුදුරුවන් මේ ඉන්න තැන. මිනිස්සුන්ට හරිම කරුණාවන්තයි. මට කන බොන ටික වතුර ටික පවා ළඟට දෙන්නේ හාමුදුරුවෝ, ඒ මම වැටෙයි කියල බයටයි. අනෙක් දුව එක්ක යන්න ආවත් හාමුදුරුවන් යන්න දුන්නේ නැහැ.
මහණ කරන්න ඉස්සෙල්ලා කොයි වගේ දරුවෙක්ද?
“හරිම හුරතල් දරුවෙක් පොඩි කාලේදි, රබර් සෙරෙප්පු දෙකක් පේන්න බැහැ සෙරෙප්පු කපලා රෝද හදනවා” හාමුදුරුවන් පොඩිකාලේදි ගෙදර ඇවිත් ටික දවසක් ඉඳලා යනවා” ගොයම් කපලා ගොවිතැන් කරලා තමයි දරුවෝ නව දෙනෙක් හැදුවේ”
මේ ස්වාමින් වහන්සේ රටට සමාජයට දෙන්නේ ලොකු ආදර්ශයක්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුකින් ඉන්නවාට ස්වාමීන් වහන්සේලා කැමති නැහැ. හැකියාව තියෙනවානම් විහාරස්ථානයේ තියලා හරි උපස්ථාන කළයුතුමයි. එසේ නොකරනවානම් මොන උසස් තත්වයේ දරුවෙක් හිටියත් මොන පදවි තානාන්තර දැරුවත් රජෙක් වුණත් වැඩක් නැහැ. පොළොවේ පයගහලා ලස්සනට ජිවත්වෙන්නේ, අපිව සමාජයේ පිළිගන්නේ දෙමව්පියන් නිසයි.
දස මසක් කුස තුළ රුවාගෙන, ඇඟේ ලේ කිරි බවට පත් කරමින්, කුසගින්න නිවාලමින් අපමණ දුක් කන්දක් දරාගෙන, සතර බ්‍රහ්ම විහරණය උපදවාගෙන මෙලොවට බිහිකළ අම්මාට සලකන්න, අමතක කරන්නට එපා. ඔබත් ගෙදර බුදුන් ලෙස සලකන අම්මා, තාත්තා පණමෙන් රැක ගන්න. අම්මාගෙන් බීපු කිරිවල ණය ගෙවන්න අපට කවදාවත් බැහැ.
අම්මෙක් තාත්තෙක්ට සලකන්න තැනක් නොතැනක් අවශ්‍ය නොවන බව සීවලි හාමුදුරුවන් ලොවට කියා දුන්නා. මේ විශ්වයේ ඇති යථා ස්වභාවය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වය ලබාගෙන තුන්ලෝකයක් ආලෝකවත් කරන්න, බුදු පුතෙක් ලොවට බිහි කළ අම්මාට නිදුක් නිරෝගි සුවය අත්වේවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

වාසුත් පොසිටිව්

Next Post

රාස්සයෝ අදත් රජකම් කරන රාජකීය රහස් හැංගුණු රජගල

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.