අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වන වේලාව වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් බදාදා සවස් වරුවේ පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීම 21 දා සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙතෙක් බදාදා පෙරවරුවේ පැවැති මහජන දිනය ඒ අනුව සදුදා දින පැවැත්වීමට තීන්දු කොට තිබේ.










