ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය සහභාගී වන කණ්ඩායම් හතෙහි හිමිකරුවන් ලබන 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ වනවිට තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 190 දෙනෙකු ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති නමුත් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වන්නේ ඉන් 30 දෙනෙකුට පමණි.
මෙම මස අවසන් වන විට ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට අපේක්ෂා කරන බවද දැනගන්නට තිබේ.
තරගාවලියට කණ්ඩායම් 5ක් එක්වන අතර, එක් කණ්ඩායමක සංචිතයකට ලබා ගත හැකි වන්නේ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණි.
තරගයක් සදහා කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 4කි.
මෙවර එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.










