ආනවිළුන්දාව තෙත් බිම් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් සහ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුවූ පාරිසරික පද්ධති විනාශ වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දැඩිව ප්‍රශ්න කර සිටියේය.
මෙහිදී ප්‍රේමදාස මහතා ඊට අදාළ සියලුම ලිපිලේඛන සභාගත කිරීමද විශේෂත්වයකි.
ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය සී.බී. රත්නායක මහතා ආනවිළුන්දාව විනාශය සම්බන්ධ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.










