කොළඹ වරායේ නැගෙනහිර ජැටියට අද (14) දහවල් පැමිණීමට නියමිතව තිබූ නෞකාවක් හදිසියේම අවලංගු වීම හේතුවෙන් වරාය ඇතුළත කිසියම් මතභේදකාරී වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට ඇත.
මෙම නෞකාව අද දින පෙරවරු 11.20ට වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණීමට නියමිතව තිබුණද බොහෝ ඉහළ බලපෑමකින් එය අතරමග නතර වී ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිි වරාය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇති අතර අමාත්‍යවරයාද දැනුම් දී ඇත්තේ ඊට හේතුව කුමක්ද යන්න තමන් නොදන්නා බවකි.
ඉන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් වරාය සභාපතිවරයා මුණ ගැසී ඒ පිළිබද විමසීමට සූදානමින් සිටින බවත්, සභාපතිවරයා ලබා දෙන පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
වරායේ නැගෙනහිර පර්යන්තය ඉකුත් පාලන සමයේදී ඉන්දියාවට පවරා තිබුණු අතර වත්මන් රජය බලයට පත්වීමත් සමග එය නැවත පවරා ගන්නා ලෙසට සේවකයන්ගෙන් විශාල විරෝධයක එල්ල වී තිබිණ.










