රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ලබා ගන්නැයි පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති විශේෂ කොමිසම අද නියෝග කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති විශේෂ කොමිසමේ පිහිටි පොලිස් ඒකකය වෙත සභාපති විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.










