බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබේ.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවය.
සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ ඇති බවය.
ඔහු නාවිකයෙකු වශයෙන් සේවය කළ හෙතෙම නුගේගොඩ පදිංචිකරුවෙකි.
එම මරණයට ආසන්තම හේතුව වශයෙන් දැක්වෙන්නේ හෘදයාබාධයකි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය බවය.










