• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එජාපයේ ‌බෞද්ධ නහරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 14, 2019
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 1 min read
A A
එජාපයේ ‌බෞද්ධ නහරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Ousted Sri Lankan prime minister Ranil Wickremesinghe attends a session at the parliament complex, Colombo, Sri Lanka.12-12-2018 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

Share on WhatsAppShare on Facebook

‘මේ විරල චරිත ලක්‍ෂණ ඔහුගෙන් විද්‍යමාන වූයේ 1955 මැද හරියෙන් පටන් දිවයිනේ දේශපාලන ව්‍යුහයේ පැන නැඟුණු ඉතා බලවත් සිංහල බෞද්ධ බලවේගයන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වූ සටනේදී රජයට මුහුණ දීමට ඔහු සූදානම් වෙමින් සිටියදීය.’
පිටුව 52 – ජේ. ආර්. ජයවර්ධන : චරිතාපදානය

ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ ඉහත සඳහන් පරිච්ඡේදයේ දක්වා තියෙන්නේ ජේ. ආර්. 1956 බණ්ඩාරනායක දිනා ගත් සිංහල බෞද්ධ බලය යූ.ඇන්.පී.යට දිනා ගැනීමට සිය චරිතය පවා වෙනස් කරගත් ආකාරයය. එහි සඳහන් වන්නේ ජේ. ආර්. ගේ වෙනස් වූ චරිත ස්වභාවය ඔහුගේ සමීප මිතුරන් පවා මවිතයට පත් කළ බවය. ඔහු පමණක් නොව ඇංග්ලිකන් බැතිමතකු වූ ඔහුගේ දේශපාලන සගයා, රනිල් වික්‍රමසිංහගේ පියා එස්මන්ඞ් වික්‍රමසිංහද ඊළඟ ඡන්දය යූඇන්පීය දිනන්න නම් සිංහල බෞද්ධ බලය දිනාගත යුතුය යන දැඩි මතයේ සිටියේය. 1956 යූඇන්පීයට එරෙහිව ගිය භික්‍ෂුන් පෞද්ගලිකවම හමු වූයේ එස්මන්ඞ්ය. එස්මන්ඞ් සමඟ සමීපව වැඩ කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී එල්මෝ ගුණරත්න වරක් කීවේ හාමුදුරුවරුන් බැහැදැකීමට පෙර හාමුදුරුවරුන්ට පසඟ පිහිටුවා වඳින ආකාරය එස්මන්ඞ් උගෙන ගත් බවය. වරක ඔහුගේ පය පැටලී ගියද ඔහු හාමුදුරුවරුන් දිනා ගන්නා සාස්තරය හොඳින් ප්‍රගුණ කොට තිබිණි.
රනිල් තම මාමා වූ ජේ. ආර්.ගෙන් සහ පියා වූ එස්මන්ඞ්ගෙන් උගෙන නොගත් එකම පාඩම මේ පාඩමය. ඔහු නායකත්වයට පත් වූ විගස සිරිකොතේ කාමරයේ තබා තිබූ බුද්ධ රූපයක් ඉවත් කරන්න ගොස් පක්‍ෂය තුළත් මාධ්‍ය තුළත් මහා ආන්දෝලනයක් ඇති කොට තිබිණි. එසේම සිරිකොත රැස්වීම්වලට පෙර පන්සිල් ගැනීම නතර කිරීමෙන්ද මහා ආන්දෝලනයක් ඇති වී තිබිණි. රනිල්ගේ මේ හැසිරීමට එරෙහිව මහා හඬක් නැඟුවේ යූඇන්පීයේ සිංහල බෞද්ධ භික්‍ෂුන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන ආ නායකයන් වූ විජේපාල මෙන්ඩිස්, සිරිල් මැතිව්ගේ පුත් නන්ද මැතිව් සහ සුසිල් මුණසිංහය. ඔවුහු රනිල්ව ප්‍රසිද්ධියේ බෞද්ධ විරෝධියකු ලෙස හංවඩු ගසන්න පටන්ගත්හ. ඒත් රනිල් හිතුවේ සිංහල බෞද්ධ ඡන්දවලින් ඡන්ද දිනන්න බැහැ කියාය. 1994 චන්ද්‍රිකා දින්නේ එවකට ජනාධිපති විජේතුංග සුළු ජාතික ඡන්ද අතහැර තනිකර සිංහල බෞද්ධ ඡන්දවලින් ඡන්ද දිනන්න ගිය නිසා යැයි රනිල් ගණන් හැදුවේය. ඔහු යූඇන්පියේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය වෙනස් කොට සුළු ජාතික ඡන්ද දිනා ගන්න සිරිකොතත් වෙනස් කළේය. එසේම 1994 චන්ද්‍රිකාව බලයට ගෙන ආ සුළු ජාතික පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන ළං කර ගත්තේය. යූඇන්පීයේ භික්‍ෂු සංවිධාන තහනම් කළේය. 1994 චන්ද්‍රිකාට ලැබුණු උතුරේ දමිළ ඡන්ද දිනාගන්න 1994 චන්ද්‍රිකා අනුගමනය කළ එල්ටීටීඊ හිතවාදී ප්‍රතිපත්තිය ඔහුද අනුගමනය කළේය. 1994දී විජේතුංග ආණ්ඩුව චන්ද්‍රිකාට ගහපු එල්ටීටීඊ හංවඩුව වැඩ කළේ නැති වුණත් 1999දී රනිල්ට සහ යූඇන්පීයට ගහපු එල්ටීටීඊ සහ රට බෙදන හංවඩුව හොඳින් වැඩ කළේය. හේතුව චන්ද්‍රිකාව ඝාතනය කරන්න ප්‍රභාකරන් එවපු බෝම්බය නිසාය. 1999 ජනාධිපතිවරණයේදීත්, 2000 මහ මැතිවරණයේදීත් රනිල්ටත්, යූඇන්පීයටත් එයින් මහත් හානියක් සිදුවී තිබිණි. 2007 වන විට ඒ හානිය නැති කර ගත්තේ චන්ද්‍රිකාගේ බලය බෙදන පැකේජයත්, මංගල නාගරික සංවර්ධන ඇමැති ලෙස පුංචි බොරැල්ලේ ඉපැරැණි බෝධිය කපන්න ගත් උත්සාහයත්, පැකේජ විරෝධී හාමුදුරුවන්ව කුණු කූඩයට දමන්න ඕනා යැයි මංගල කළ ප්‍රකාශයත් නිසාය. 1994 චන්ද්‍රිකා බලයට ගෙන එන්න සටන් කළ සෝභිත හාමුදුරුවෝත්, බෙල්ලන්විල විමලරතන, ඉත්තෑපානේ ධම්මාලංකාර වැනි වියත් හාමුදුරුවරුන්ද මහ නායක හිමිවරුද චන්ද්‍රිකා – මංගලගේ රට බෙදන පැකේජයට එරෙහිව රනිල් වටා එක් වූහ. 1994න් පසු නාය ගිය සිංහල බෞද්ධ බලය යළි යූඇන්පීයට හිමි වූයේ පැකේජ විරෝධය නිසාය.
ඒත් 2002 බලයට ආ රනිල් යළිත් යූඇන්පීයෙන් සිංහල බෞද්ධ හැව ඉවත් කර ගත්තේය. ඔහු ප්‍රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුම් අස්සන් කළේය. රාජ්‍ය මාධ්‍ය හරහා බටහිර සංස්කෘතිය ප්‍රවර්ධනය කළේය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ සමීපව ගනුදෙනු කළේය. චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ පටන් එකල රනිල්ගේ අයියාගේම මාධ්‍ය ආයතනයක් වූ ටීඑන්එල් සේවයෙන් ජනප්‍රිය කළ සෝම හිමියන් අස්රෆ්ට එරෙහිව මුස්ලිම් විරෝධයක් නිර්මාණය කොට තිබිණි. අස්රෆ්ගෙන් පසු මුස්ලිම් කොංග්‍රස් නායකයා වූ හකීම් 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවා රනිල්ව අගමැති කිරීම නිසා ඒ මුස්ලිම් විරෝධය රනිල් දෙසට හැරෙමින් තිබිණි. සටන් විරාමය පෙන්වා ජවිපෙ සහ ශ්‍රීලනිපය රනිල් ප්‍රභාකරන්ගේ ඉත්තකු ලෙස හංවඩු ගැසීය. ප්‍රභාකරන්ටත් මුස්ලිම් අන්තවාදයටත් එරෙහිව කතා කළ සෝම හිමි හදිසියේ අපවත් විය. සෝම හිමි දේහය කරට ගත් ජාතික හෙළ උරුමය සෝම හිමියන් ඝාතනය කළා යැයිද, එය කුමන්ත්‍රණයක්ද යැයි කීවේය. රනිල්ට සහ යූඇන්පීයට එරෙහිව සිංහල බෞද්ධ රැල්ල හමන්න පටන්ගත්තේ එතැනින්ය. ජවිපෙ සහ ශ්‍රීලනිප සන්ධානය යූඇන්පී ආණ්ඩුව පරාජය කරනු ලැබීය. හෙළ උරුමය යූඇන්පීයේ සිංහල බෞද්ධ ඡන්ද කඩා ගනු ලැබීය.
2004 මහ මැතිවරණය පරාජයට පසු යූඇන්පීය ප්‍රතිසංවිධානය කරන්න යූඇන්පීයේ හිටපු ජ්‍යෙෂ්ඨයකු වූ පණ්ඩිතරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළේය. යූඇන්පියේ සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ඡන්ද හෙළ උරුමය කඩාගෙන ඇති බවත්, එම ඡන්ද දිනා ගැනීමට පක්‍ෂ නායකත්වයේ සිට යූඇන්පීයේ ප්‍රතිරූපය වෙනස් විය යුතු බවත් පණ්ඩිතරත්න කමිටු වාර්තාව නිර්දේශ කළේය. රනිල් ඒ වාර්තාව හමස් පෙට්ටියට දැම්මේය. 2005 ඔහු ජනාධිපතිවරණයට ආවේ යළිත් සුළු ජාතික ඡන්දවලින් දිනන්නටය. ජවිපෙ සහ හෙළ උරුමය රනිල්ව සිංහල බෞද්ධ විරෝධියකු කොට පෙන්වා සිංහල බෞද්ධ ඡන්දවලින් මහින්දව දිනෙව්වේය.
මහින්ද යළි යූඇන්පීයට සිංහල බෞද්ධ ඡන්ද ආකර්ෂණය කර ගන්න ඉඩ දුන්නේ නැත. 2009 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා යූඇන්පීයට සිංහල බෞද්ධ ඡන්ද යළි ලබා ගන්න උත්සාහ ගත්තත් රනිල් සහ මංගල, ෆොන්සේකාව සුළු ජාතික ඡන්ද ගොඬේ හිර කළේය. මහින්ද යළිත් සිංහල බෞද්ධ ඡන්දවලින් දින්නේය.
2010 පරාජයෙන් පසුවත් යූඇන්පීයේ සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැත. හැබැයි සෝභිත හිමියන් පොදු අපේක්‍ෂකයකු නම් කරන සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයෙන් මහින්දගේ සිංහල බෞද්ධ පදනම සොලවා තිබිණි. ආණ්ඩුවෙන් අතුරලියේ රතන හිමියන් එළියට ඒමද, චම්පිකගේ හෙළ උරුමය එළියට ඒමද, ඕමල්පේ සෝභිත හිමිගේ හඬද නිසා යූඇන්පීයට යළි සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් ලැබිණි. එයින් මහින්දගේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට ලොකු හානියක් නොවුණත් මෛත්‍රි, සෝභිත හිමි, චම්පික සහ අතුරලියේ රතන හිමි නිසා යූඇන්පීයට අලවා තිබූ සිංහල බෞද්ධ විරෝධී හංවඩුව ගැලවිණි. ඒත් 2015 බලයට ආ රනිල්ගේ ආණ්ඩුවද සිංහල බෞද්ධ ඡන්ද ආකර්ෂණය කර ගන්න උත්සාහ ගත්තේ නැත. සෝභිත හිමියන්ව කොන් කරනු ලැබීය. අතුරලියේ රතන හිමිගෙන් වැඩක් ගත්තේත් නැත. චම්පිකගේ හෙළ උරුමයෙන් ප්‍රයෝජන ගත්තේත් නැත. කැලණියේ දායක සභාවේ සභාපති රනිල් වුවත් කැලණියේ පන්සලේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට මුදල් ලබා ගැනීම දුෂ්කර විය. රනිල්ගේ පවුලේ පන්සල වූ ගංගාරාමයේ අලි ගෙනයන්න රහස් පොලිසිය යනවා රනිල් දන්නේත් නැත. යූඇන්පීයත් එක්ක හැමදාම සිටි තීනියාවල පාලිත හිමියන්ව රජයේ තනතුරුවලින් ඉවත්කළේ කලින් දැනුම් දීමකින් තොරවය. 2019 ජනාධිපතිවරණය වන විට යූඇන්පීයට බේතකටවත් හිමිනමක් සොයාගත නොහැකි විය. රනිල්ගේත් යූඇන්පියේත් අවාසනාව ඒ ආණ්ඩුවේ රනිල්ගේ දෙවැනියා ලෙසත්, ආණ්ඩුවේ නොම්බර දෙක ලෙසත් මිනිසුන් හඳුනාගත් මුදල් ඇමැති මංගලද සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බැහැ කියන රනිල්ගේ ස්ථාවරයේ සිටීමය. එසේ සිටිමින් ඔහු රාජපක්‍ෂලා වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂූන්ව හෙළා දකින්න ගොස් සිංහල බෞද්ධයන්ගේ වෛරයට පාත්‍ර විය. එමෙන්ම ආණ්ඩුවේත,් යූඇන්පීයේත් මාධ්‍ය සාකච්ඡාවල රාජපක්‍ෂලාට ගහන්න ආවෙ මුස්ලිම් මන්ත්‍රිවරුන්ය. කබීර් හෂීම් පෙනී හිටියේ යූඇන්පීයේ විකල්ප නායකයෙක් මෙන්ය. එහෙන් රිෂාඞ්ය. මෙහෙන් හකීම්ය. යූඇන්පීය ඇතුළේත් ප්‍රධාන චරිත මුස්ලිම්ය. එහි වරදක් නැත. ඒත් රාජපක්‍ෂලා සිංහල බෞද්ධයන් ඇවිස්සුවේ ඕවා පෙන්නලාය.
යූඇන්පීය තරම් මෙරට සිංහල බෞද්ධයන්ට සේවය කළ පක්‍ෂයක් නැත. පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් කළේ ඩඞ්ලිය. ශ්‍රී මහා බෝධිය විනාශ වීමේ අවදානමකට ලක් වෙද්දී විදේශයෙන් විශේෂඥයන් ගෙනැවිත් එය සුරක්‍ෂිත කළේ ජේ. ආර්.ය. දළදා මාලිගාවට රන් වියනක් හදල දුන්නේ ප්‍රේමදාසය. ශ්‍රී මහා බෝධියට රන් වැටක් හැදුවේ රනිල්ය. පහුගිය වසර 5 තුළ විහාර ප්‍රතිසංස්කරණය කරන්න සංස්කෘතික අමාත්‍යාංශයෙන් වෙන් කළ තරම් මුදල් වෙන කිසිදු ආණ්ඩුවක් වෙන් කළේ නැත. ප්‍රශ්නය ඒවා මිනිස්සු දන්නේ නැත.
ඇත්තටම රනිල්ගේ වැඩ නොකරන නහර දෙකක් තිබේ. එකක් නම් සිංහල බෞද්ධ ඡන්ද බලයය. අනෙක ප්‍රචාරණ යාන්ත්‍රණයය. එක්කෝ රනිල් මේ නහර දෙක ශල්‍යකර්මයකට භාජනය කරගත යුතුය. නැත්නම් ඒ නහර හොඳට දුවන නායකයකු යූඇන්පීය පත්කර ගතයුතුය. නැතිනම් යූඇන්පීය ඉවර වන්නේ මුදල් ආධාර නැති රාජ්‍ය නොවන සංවිධානයක් වගේ වෙලාය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘සුදු වෑන් රියැදුරන්’ ‌දෙදෙනා අත්අඩංගුවට

Next Post

ආවට ගියාට යන්න බැරි මධුසමය

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.