72 වන ජාතික නිදහස් උළෙල එළඹෙන පෙබරවාරි 04 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඉකුත් යහපාලන ආණ්ඩුව 2016 වසරේ පැවැති නිදහස් දින උත්සවයේදී පළමු වතාවට ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට පියවර ගත්තද මෙවර නිදහස් උළෙලේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
එමෙන්ම එදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පුරා රුක් රෝපණ වැඩසටහනක්ද දියත් කිරීමට සැලසුම් කර ඇත.










