කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ ඇති විපක්ෂනායක කාර්යාලයේ යතුරු පෙරේදා (28) දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයන් විසින් රැගෙන විත් තිබුණද ඊයේ (29) දිනයේදී එම යතුරු නැවත බාර දී ඇති බව දැනගන්නට තිබේ.
විපක්ෂ නායක කාර්යාලයේ යතුරු රැගෙන විත් ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දී ඇත්තේ විපක්ෂ නායක ධූරය නිල වශෙයෙන් ප්‍රකාශයට පත්කර නොතිබියදී මෙසේ එම කාර්යාලයේ යතුරු රැගෙන ඒම නීති විරෝධි ක්‍රියාවක් යැයි කියාය.
ඒ අනුව නැවත වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයන් විසින් එම යතුරු ගෙන ගොස් බාර දී ඇති බව දැනගන්නට ඇත.










