ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ ආරක්ෂක පුහුණු මෙහෙයුමක් ආරම්භ කොට ඇත.
ඊයේ (14) දින ආරම්භ කළ මෙම මෙහෙයුම ‘මිත්‍ර ශක්ති’ යනුවෙන් නම් කර ඇති අතර දෙපාර්ශ්වයෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් 120 බැගින් සහභාගී වී ඇති බව පැවසේ.
ඊට ඉන්දීය ‘සාභාෂ්’ ඒකකයේ අණ දෙන නිලධාරී මේජර් අනිල් කුමාර් කෂීඩ් සහ ශ්‍රී ලංකාවේ එච්.පී.එන්.කේ. ජයපතිරණ සහභාගී වී සිටියහ.










