දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යළි මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සමග සාකච්ජා ආරම්භ කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ආණ්ඩුව පෙන්වා දෙන්නේ නිශාන්ත සිල්වා ප්‍රධාන පෙළේ අපරාධ පරීක්ෂණ කිහිපයක්ම පැවැත්වීම හේතුවෙන් ඔහුව යළිි ලංකාවට එවීමට ස්විස් රජය කටයුතු කළ යුතු බවකි.
පැවැති ආණ්ඩුව වෙනස් වීමත් සමග නිශාන්ත සිල්වා පූර්ව දැනුම් දීමකින් තොරව සිය පවුලම සමග රටින් පිටවීමට කටයුතු කර තිබිණ.










