• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආමි සුරංගගේ ඝාතනයට රට පැන්න පොලිසියේ නිශාන්ත සිල්වාගේ නම පැටලෙයි

April 11, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ආමි සුරංගගේ ඝාතනයට රට පැන්න පොලිසියේ නිශාන්ත සිල්වාගේ නම පැටලෙයි
Share on WhatsAppShare on Facebook

දකුණේ නම ගිය අපරාධකරුවෙක් ලෙස කුප්‍රකට වූ වම්බොට්ටාගේ හොඳම ගෝලයෙක් වන්නේ ආමි සුරංගය. ඔහු ඌවේ රජකළ පාතාල අපරාධකරුවෙකි. වම්බොට්ටා සටන් කළේ සූරියවැව භීෂණයක් වපුරමින් අහිංසක ජීවත හැට හැත්තෑවක් බිලිගත් රත්නවීර සහෝදරයන්ට එරෙහිවය. රත්නවීර සහෝදර පුරුකේ වැඩකරුවා වූ සුනිල් රත්නවීරව බන්ධනාගාර බස් රථයකට පහරදී පැහැරගෙන ගොස් සූරියවැව නගර මධ්‍යයේ වෙඩි තබා සිරුර දමා යාමෙන් පසු වම්බොට්ටා නිහඬ විය. එතැන් සිට ඔහුගේ නමින් කප්පම් ගත්තේත්, අපරාධවල නිරතවූයේත් ආමි සුරංගය. ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් වදදෙමින් ඔහු ලක්ෂ විසි පහේ කප්පම් පවා ගත්තේය. වම්බොට්ටාගේ නම එම අපරාධවලට සම්බන්ධ බව එකල පොලීසිය කියන විට සැබෑ අපරාධකරුවන් අල්ලා ගස් බැඳ පොලීසියට භාරදුන්නේ වම්බොට්ටාය. මේ නිසාම වම්බොට්ටා සහ ආමි සුරංග අතර ඇතිවන්නේ ගැටුමකි. එම ගැටුමෙන් ජය ගන්නේ ආමි සුරංගය. කොස්ගම පුවක්පිටියේදී වම්බොට්ටා ගමන් කරමින් සිටි වෑන් රථයක් හඹාගොස් වෙඩි තබා ඔහුව ඝාතනය කරමිනි.

එදා එම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන ඒකකය විසිනි. එහි ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරත වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායකය. ස්විට්ස්ර්ලන්තයට මේ වන විට පළාගොස් සිටින ආන්දෝලනාත්මක චරිතයක් වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාද ඒ කණ්ඩායම නියෝජනය කළේය. හේමකුමාර නැමැති කොස්තාපල්වරයෙක්ද මේ කණ්ඩායමේ රැඳී සිටියේය. මේ කණ්ඩායමේ විමර්ශන නිලධාරියා වූයේ පොලිස් අධිකාරීවරයෙක් වූ සේනක කුමාරසිංහය. මෙම කණ්ඩායම දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වම්බොට්ටාගේ ඝාතනයට සම්බන්ධ හමුදාවේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගන්නේ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිද සමගිනි. එම විමර්ශනයේ දිගුවක් ලෙස මෙම කණ්ඩායම සීසර් කපිල නැමැති දකුණේ නම ගිය තවත් අපරාධකරුවෙකුගේ අභිරහස් ඝාතනයක්ද අනාවරණය කර ගත්තේය. සීසර් කපිල නැමැත්තාද වම්බොට්ටාගේ කණ්ඩායමේ සිටියෙකි. ඔහුව මරාළලදමා තිබියදී සොයා ගන්නේ ඇඹිලිපිටිය පැත්තේ කෙසෙල් වගා බිමකිනි. ඒ පිටුපසද සිටියේ ආමි සුරංගය.

එතැන් සිට මේ පොලිස් කණ්ඩායම ආමි සුරංග පසුපස පැන්නුවේය. ආමි සුරංගව කොටුකර ගන්නට හැකියාව ලැබෙන්නේ 2006 වසරේදීය. ඒ සෙවනගල පිහිටි ඔහුගේ බිරියගේ නිවසේදීය. ඒ වන විට නිවසේ නිදාසිටි ඔහුව අල්ලාගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම ඔහුව ආයුධ පෙන්වන්නට නිවස පිටුපස ඇති කෙසෙල් කොරටුව වෙත රැගෙන ගියේය. බෝම්බයක් ගසා පළා යන්නට සූදානම් වන විට වෙඩි තැබුවේ යැයි කියා එම ඝාතනය සාධාරණ කරන්නට පොලීසිය පියවර ගත්තේය. එහෙත් එය එසේ නොවන බවත් සිය බෑණැව පොලීසිය රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මතුවිය. ඔහු ආමි සුරංගගේ මාමාය. එම සාක්ෂිය පදනම් කරගෙන 2019 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන්නේ නිශාන්ත සිල්වා ඇතුළු එම නිලධාරින් කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත්කරන ලෙසය. ඒ වන විට නිශාන්තද සිල්වා සිටියේ පැවැති ආණ්ඩුවේ ආශිර්වාදය ඇති බලවතෙක් ලෙසිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විමර්ශන ගණනාවකට නායකත්වය දුන්නේ ඔහුය. ඒ නිසාම ඔහුට එරෙහිව නීතිපති ලබාදුන් උපදෙස ක්‍රියාත්මක වූයේ නැත.

නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදීම ඔහු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන්නත් ඔහුගේ ආරක්ෂාවට පළිහක් වූයේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය. නීතිපති දෙපාර්තමේන්තුව සමග ඔහු නිශාන්ත සිල්වා වෙනුවෙන් සටන් කරන්නට වූයේ ආමි සුරංගගේ ඝාතනය පුද්ගලික ආරක්ෂාව සදහා ගත් පියවරක් ලෙසිනි. කෙසේ වෙතත් සියල්ල කණපිට පෙරලෙන්නේ ආණ්ඩු වෙනසත් සමගිනි. නිශාන්ත සිල්වා රට පනින්නේද මෙම සිදුවීමෙන් තමන්ට ගැලවිල්ලක් නොමැති බව දැන සිටි නිසා වන්නට පුළුවනි. කෙසේ වෙතත් නැවතත් නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට නිශාන්ත සිල්වා ගැන මතකයට නගන්නේ ඉකුත් සතියේදීය. එහෙත් දැන් නිශාන්ත සිල්වා රටේත් නැත. ඔහු සිටින්නේ ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබමිනි. ඔහු සමග චෝදනා ලැබ සිටින සෙසු නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිය අද හෙට ක්‍රියාත්මක වනු ඇත. නිශාන්ත සිල්වාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තුවක් ගැනීමේ සැලසුමක්ද මේ වන විට ක්‍රියාත්මකය. ඊට අවශ්‍ය අධිකරණමය කටයුත්ත වැඩි කලක් නොයා සිදුවනු ඇත.

රුවන් වෙඩිවර්ධන
‍

SendShareShare
Previous Post

එරික්ගෙන් පසු දංකොටුව අද

Next Post

ආණ්ඩුව පස්සේ ආණ්ඩුවම පන්නයි? කැටගොඩ එස්.බී.ගේ පලු අරී!! (රාජ්‍ය රහස්)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.