ඉදිරි වර්ෂය වෙනුවෙන් (2021) ඉදිරිපත් කෙරුණු අය වැයට සුළු වශයෙන් විවේචනයක් දෙකක් එල්ල වූවද, ආදායම් ඉපැයීම ඉලක්ක කරගත් දේශීය සහ විදේශීය ආයෝජනය දිරිමත් කිරීම ඇතුළු කොටගත් ක්‍රමවේද ගණනාවක් එහි තිබීම නිසා මහත් ප්‍රශංසාවක් ලැබුණු බව නම් සැබැවි. කර්මාන්ත පිළිබඳ විශේෂඥ දැනුම් ඇත්තන්ගේද ‘සිමා ආයතනය’ CIMA ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය International Chamber of Commerce සහ ඬේලි එෆ්ටී Daily FT පුවත්පතේ සහභාගිත්වයෙන් අයවැය පිළිබඳව කිසියම් සහායක් දැක්වීම සඳහා වන පශ්චාත් අය වැය සංසදය පසුගියදා පැවැත්විණි.
දළ දේශීය නිෂ්පාදිතය 6.5% දක්වා ඉහළ නංවනවා- රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

බදු ප්‍රතිපත්තිය ස්ථාවරව රඳවා ගනිමින් දළ දේශීය නිෂ්පාදනය GDP ඉදිරි වර්ෂයේදී සියයට පහයි දශම පහ :5ග5%* දක්වා වර්ධනය කර ඉන් අනතුරුව උදාවන අවුරුදුවලදී එය සියයට හයයි දශම පහ දක්වා :6ග5%* පැමිණවීමට රජයේ අපේක්‍ෂාව බව සංසදය වෙනුවෙන් වේදිකාව පැනවූ (සූදානම් කළ) රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පැවසුවේය.
ස්ථාවර ප්‍රතිපත්තිය ආයෝජකයන් කැඳවීමත්, එ සේ පැමිණෙන ආයෝජකයන්ගේ ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය සඳහා රජය අවස්ථා සහතික කරන බවක් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අපේ ප්‍රාග්ධන සම්පත් හැසිරවීමේ ප්‍රධාන ස්ථානයක් වන කොළඹ කොටස් වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන අරමුණු අතරින් එකක් බවද, අප සතුව මේ වන විටත් ලැයිස්තුගත සමාගම් දෙසිය පනහක් (250) කොටස් වෙළෙඳපොළේ ඇති බවද, ඒ සංඛ්‍යාව වර්ධනය කර ගත යුතු බවද ඊට සමගාමීව කොටස් වෙළෙඳ පොළ ශක්තිමත් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා විස්තර කෙළේය.
අප ලබා ගෙන ඇති ණය පහසුකම්වලට දෙදහස් දහ නමය (2019) වර්ෂාවසානයේදී රුපියල් ටි්‍රලියන එකයි දශම අටක් (1.8) හෙවත් රුපියල් කෝටි එක් දහස් අට සියයකට (1800,0000000) වසර තුළ සිදුවූ රුපියලේ අගය අඩුවීම (අවපාතය) නිසා ණය මුදලට වැඩිපුර එකතු වී ඇතැයිද, වසර තූළ පැවැති කොරෝනා වසංගත තත්ත්වය හේතු කොට ගෙන භාණ්ඩ අපනයනයට පැන වූ සීමා මේ වන විට ලිහිල් කෙරෙමින් පවත්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ව්‍යවසායකයන්ට ව්‍යාපාරික පහසු වාතාවරණයක් ස්ථාපිත කර දීම උදෙසා අපේ පවත්නා සාර්ව මූලධර්ම පාලනය කළ යුතුව ඇතැයිද පෞද්ගලික අංශයට ආයෝජන සහ රැකියා උත්තානය කිරීම සඳහා වරාය නගරයෙන් බහුවිධ එමෙන් බහුආංගික අවස්ථා නිර්මාණය වන බවද ඔහු පැවසීය.
රජය සහ මහජනතාව අතර පැවතිය යුතු හවුල්කාරිත්වයක් සොයන බවද අපට අලුත් අලුත් සංවර්ධන මාර්ග ගැන අලුතින් සිතන්නට අලුතින් නිර්මාණය කරන්නට කාලය එළඹ ඇතැයිද කොරෝනා-19 වසංගතයෙන් පසු උදාවන අනාගත යුගය වර්තමානයේ පවත්නා ජීවන රටා සහ ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු (වෙනස්වන) වනු ඇතැයිද සංසදයේ ප්‍රධානත්වය දැරූ රාජ්‍ය අමාත්‍ය අජිත නිවාඞ් කබ්රාල් කීය.
ආයෝජන-අපනයන වෙළෙදාම වර්ධනය කරන අයවැයක් -කළමනාකාර අධ්‍යක්‍ෂ (GRI Tires) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ

මේ අය වැයෙන් පෙර පැවති තත්වයට වඩා වියදමේ (පිරිවැයේ) වැඩි වෙනසක් නැති නිසා අපේ රටේ මහජනතාවට එමගින් අත්වෙලා තියෙන්නේ යහපත් තත්ත්වයක්. ඒක හොඳයි.
මා අපේ ව්‍යාපාරික කටයුතු පිළිබඳව බලා ගන්නවා. ඒ සඳහා අපට මුදල් බොහොමයක් වැය වුවත් මුදල් කෝ. පිළිතුර “නෑ” යන්නයි. මා මේ අය වැය පිළිබඳව තෙ(තුන්) ආකාරයක දෘශ්ටියකින් බැලුවා. පළමු වැන්න ආයෝජන. අපට දැඩි අවශ්‍යතාවක් තියෙන්නේ ආයෝජන සම්බන්ධයෙන්. දෙවැන්න වෙළෙඳාම (වාණිජ) වර්ධනය. ව්‍යාපාරික කටයුතු සංවර්ධනය. තුන් වැන්න අපනයන සංවර්ධනය.
ආර්ථික වශයෙන් පමණක් නොවෙයි. සෙසු අංශවලත් ප්‍රගමනයක් ඇතිවෙන්නේ මේ ත්‍රිත්වයේ සංවර්ධනය මතයි. ඇත්ත වශයෙන්ම මේ අය වැයෙන් ඒ තුන් පාර්ශවය කෙරෙහිම අවධානය යොමු කර තියෙනවා.
අප ආයෝජන සඳහා ලෝකයට (ජාත්‍යන්තරයට) යා යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තරයේ විශ්වසනීයත්වය ඇතිකළ යුතුයි. මේ අය වැයෙන් ඒ කාර්යභාරය ඉටු වී තියෙනවා. ඒ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙන අන්දමට ආසියාවේ වෙනත් කිසිදු රටක් පිරිනොනමන අන්දමේ දස අවුරුදු බදු සහන කාලයක් (tax holiday) සලසා තිබීමෙන්. අපේ රටට තාක්‍ෂණ ඥානය වගේම ප්‍රාග්ධනයත් අවශ්‍යයි. ඒ සඳහා මෙරටට ආයෝජකයින් ගෙන්විය යුතුයි.
ගෝලීය වෙළෙඳාම සියයට දහයකින් (10%) අඩපණ වුවත් අපේ රටේ අපනයන අංශය රටේ පැවති කෙරෝනා වසංගත තත්ත්වය ගැනද නොතකා මේ වසරේදී (2020) ඉතා යහපත් අන්දමට සිය කාර්යභාරය ඉටු කර ඇතැයි කී ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපතිවරයා මෙවර අය වැයෙන් අපනයන ක්‍ෂේත්‍රයට විශාල ජවයක් (ගාමකබලය) දී ඇතැයිද පැවසුවේය.
කෙසේ වෙතත් අපනයන ක්‍ෂේත්‍රයට දැඩි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අවධාරණය කළ හෙතෙම ගත වූ විසි පස් අවුරුදු කාලය තුළ එකම තැන රැඳී තිබූ ආකාරයක් දකින්නට ඇති හෙයින් අපනයනය සියයට විසි පහේ (25%) සිට සියයට තිහ (30%) දක්වා වර්ධනය කළ යුතු යැයි කීවේය.
බිංගෙය කෙළවරේ කිසිම එළියක් පේන්නේ නෑ -මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනි අනිලා ඩයස් බණ්ඩාරනායක

බදු විසඳුම් පිළිබඳ ඩිජිටල් තාක්‍ෂණ tax through digital solutions පරිපාලන කටයුතුවල වර්ධනයක් විය යුතුයි. විශ්වසනීයත්වය ඇති කළ යුතුයි. රාජ්‍ය අංශය යාවත්කාලීන තත්ත්වයට නවීකරණය කළ යුතුයි. එසේ නොවන නිසා මේ වන විට රජයට අත් කර ගත හැකිව ඇති ප්‍රතිපලය ඉතා ඌණ වී තිබෙනවා. ආදායම් පිළිඳව මෙයට වඩා සැලකිලිමත් විය යුතුයි.
ආණ්ඩුව මේවා පිළිගන්නේ නෑ. මට පේන හැටියට නම් මේ අය වැයට ගෝලීය යථාර්ථය අඳුනා ගැනීම සම්බන්ධව කිසිදු දර්ශනයක් නෑ. පැස්බරා පශ්චාත් භාගය විදාරණය අන්දමින් හිස පමණක් සඟවා ගන්නා අන්දමේ වැඩක්. නැත්නම් සීතාම්බර පට සළුවෙන් සැරසුණු රජතුමා වීදි සංචාරය කළා වගේ වැඩක්.
සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් වෙන්කර නැහැ. අයවැය අංක (budget numbers) ගැලපෙන්නේ නෑ. අපට කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනෑ. එහෙත් ඒ පිළිබඳ ක්‍රමවේදයක් නෑ. ඔය දේ ඉස්සරත් කියා තියෙනවා. මට හරිම කනගාටුයි. මේ බිංගේ කෙළවරේ මට නම් කිසිම ආලෝකයක් පෙනෙන්න නෑ. අසාර්ථක එකක්. පූචානමක් විතරයි (rhetoric)
විදෙස් ආයෝජනවලට දෙන ප්‍රදාන විශිෂ්ටයි… – ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් සංජය මොහොට්ටාල

නුදුරු අතීතයේ දී ඉදිරිපත් කෙරුණු හොඳම අය වැය මෙයයි. විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කරවීම උදෙසා පිරි නැමෙන ප්‍රදානයන් විශිෂ්ටයි. අප විදේශීය ආයෝජකයන් සමග සාකච්ඡා කරන සෑම විටෙකම ඔවුන් අපේ රට මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් සමග සසඳා බලනවා. ඔවුන් නිරන්තරයෙන්ම අපේක්‍ෂා කරන්නේ ප්‍රතිපත්තිවල සංගතතාවයයි (consistence).
අපට මහත් වූ අභියෝග රැසකට මුහුණ පාන්නට සිදු වී තියෙනවා. ලබන වසර අපේ ශක්තිමත් උන්නතියේ පාදම (අත්තිවාරම) ඉදිකරන වර්ෂයයි. සෑම රටක්ම උත්සාහ දරන්නේ ගෝලීය ආයෝජකයන්ගේ ආකර්ෂණය තම රටට ලබා ගැනීමටයි. අපේ රටට ආයෝජක සිත් ඇදගතහොත් ඒ සමග අපේ රටට තාක්‍ෂණ ඥාණය මෙන්ම විශේෂඥ දැනුමද ලැබෙනවා.
කොරෝනා බද්ද ප්‍රශ්නයක් -KP MG ආයතනයේ බදු සහ නියාමන අංශයේ විදුහල්පති සුරේෂ් පෙරේරා

ඔහු අය වැය යෝජනාවලින් ඉදිරිපත් කෙරී ඇති අංශ පහක (5) නව බදු ව්‍යූහය ගැන කීය. මත් වතුර (Alcohol) දුම්කොළ, වාහන ආනයනය, ක්‍රීඩා (සූදු) (Gaming) සහ විදුලි සංදේශ (Telecommunication) යන අංශ පහ ගැන පැන වෙන බදු පිරිවැටුමක්ද? (turnover) නැතහොත් එකතු කළ අගයමත බද්දක්ද? (value addition) යන්න තීරණයක් ගැනීමට බලා සිටින්න වී ඇතැයි කීය.
මේ තත්ත්වයට අනුගතවීම සඳහා එක් එක් ආයතනවල කාර්යාලීය පරිපාලනයම සහ යටිතල පහසුකම් ආදී සියලු අංශවල ව්‍යූහයන්හි මහා පරිමාණයේ වෙනස් කම් (පරිර්තන) කළ යුතු වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මේ දේ සාර්ථකව කළ හැකි නම් ප්‍රතිලාභ අත්වන බවද පැහැදිලි කළ සුරේෂ් පෙරේරා මේ හා සමාන මාරුවක් (change) ඉන්දියාවේ කෙරුණු බවද කීය.
“අලුත්ම උණූ උණු මාතෘකාව වන සියලුම ව්‍යාපාරික කටයුතු මත පැනවෙන යෝජිත සියයට බින්ඳුවයි දශම දෙකයි පහක (0.25%) කොවිඩි වසංගත බද්ද” යැයි හෙතෙම අවධාරණය කෙළේය. මේ බද්ද සේවක සංඛ්‍යාව පනහ (50) ඉක්මවූ ආයතන කෙරෙහි පමණක් නියමිතව බව කී හෙතෙම මේ පරිමාණයන්) (measures) ඇතැම් වෙළෙඳ ආයතනයන්හි දැනටමත් පෙනෙන්නට ඇති බවද එමගින් සිල්ලර සහ තොග වෙළෙඳ අංශවල සේවකයනට ප්‍රතිලාභ අත්වන බවද කීය.
එහෙත් මෙය බදු සහන ලබන සමාගම්වලට බලපාන්නේ කෙස්ද? එසේම පාඩු ලබන සමාගම්වලට සහ පහළම තලයේ ආදායම් උපයන සමාගම් වලට බලපාන්නේ කෙසේද? යන්න ගැටලු සහගත බවද කීය.
මේ බද්ද පසුගිය කාලයක ක්‍රියාත්මක කෙරුණු සුපර් ගේම්ස් බද්දට (Super Gain ´Tax) හෝ නැතහොත් පුනරාවර්තන බද්දට (recurring tax) හෝ සමාන වූවක්දැයි යන්න හේ පිළිවිසියේය.
කොරා්නා වසංගතය පවත්නා සමයේ අය වැය පරතරය අඩු කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් ගෙන් විමසුවේය.
ණය සහ වැය ඊළඟ වාරයේ ගෙවන අන්දමට රෝල් ඕවර් (roller over) කරනවා යැයි ඊට පිළිතරු වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. (ගමේ භාෂාවෙන් රෝලක් ගහනවා)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා රජයේ ව්‍යාපෘතිද ඇතුළත්ව විශාල පදාසයක් (space) තවමත් අක්‍රීයව තියෙනවා. එසේ අක්‍රීයව පවත්නා සියලු පදාසයන් අඳුනාගෙන ප්‍රතිසංස්කරණය කරනවා.
යටිතල පහසුකම් දියුණු කරන අයවැයක් -විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඔෂධ සේනානායක

අය වැයෙන් බදු බාධක ඉවත් කිරීමෙන් යටිතල පහසුකම් වැඩි දියුණු කෙරෙන බව කීය. ක්‍ෂේත්‍රයට අදාළ යම් යම් දේවල් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට ධෛර්ය දීම අගේ කළ යුත්තක් බව කීය.
සංචාරක කර්මාන්තයට හොද ප්‍රවේශයක් –ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත

රජයෙන් ඉදිරිපත් කර ඇති අය වැය සංවර්ධනාත්මක මෙන්ම ප්‍රගතිශීලී එකක් බවද දේශීය ව්‍යවසායකයන් පාරම්පරික ක්‍රියාකරකම්වලින් මුදවා ඉදිරියට ගෙන යාම සඳහා ධෛර්යමත් කෙරෙන අය වැයක් බවද කීය.
ආයෝජකයන් ආයෝජනය සඳහා දිරිමත් කර ඇතැයිද රජය සංචාරක ව්‍යාපාරය සංචාරක කර්මාන්තයක් වශයෙන් අඳුනා ගෙන තිබීමම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හේතුවක්ම වී ඇතැයිද කීය.
කොවිඞ් වසංගතය හිස එසවීමට පෙර සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගෙන තිබූ ධනාත්මක පියවරවල් නිසා කර්මාන්තයේ ප්‍රවර්ධනයට හොඳ තරගකාරි ප්‍රවේශයක් පැවති බවද පැහැදිලි කෙළේය. ලබන වර්ෂයේ (2021) මාර්තු දක්වා ලද ණය ගෙවීමේ සහන කාලයක් නිර්දේශ කිරීම ඉතා අගේ කළ යුත්තක් බවද කිසියම් අන්දමක සේවක වැටුප් සහනයක් ලැබේ නම් ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වය ලැබීමක් යැයිද ආදායම් අඩු මට්ටමක පවත්නා සේවකකාරකාදීන්ගේ ජීවන පැවැත්ම ගැන වග බලා ගත යුතුව ඇතැයිද කීය.
දිනපතා එෆ්.ටී. පුවපතේ කර්තෘ නිස්තාර් කාසිම් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි අනවශ්‍ය බව කියන්නේ මන්දැයි රාජ්‍ය ඇමතිවරයාගෙන් විමසුවේය.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මෙසේ කීවේය.
“ඒ අය කියන්නෙ මොනවද? ඒ අය කරන්නෙ මොනවද? අපි ගෞරවණීය අන්දමට කටයුතු කරනවා. මම හින්නෙ අපේ දෙවල් ගැන අපිම තීන්දු තීරණ ගත යුතුයි කියන එකයි. අපට කවුරුවත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල හැමදාම කියන්න ඕනෑ නෑ. අපි දන්නව මොකක්ද කරන්න ඕනැ මොකක්ද හොඳ දේ කියල. ඉතින් අපි ඒක කරනවා. අපි ළඟ හොඳ ක්‍රීයාකාරී සැලසුම් (action plans) තියෙනවා. අපට අපේ පොරාන්දු ඉෂ්ට කරන්න පුළුවන් කියන එක අතීත ක්‍රියාකාරකම්වලින් අපි ඔප්පු කරල තියෙනවා.
(ඩේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපියක පරිවර්ථනයකි.)











