2016 සිදුවූ රිය අනතුරක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ තත්ත්වය සොයා බැලීම සදහා කතානායක කරු ජයසූරිය මහතා වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබේ.
රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්රදාය ඉක්මවා ගොස් ඇති බවත්, එය ප්රජාතන්ත්රවාදය බිද වැටීමේ භයානක පෙරනිමිත්තක් බවත් කතානායකවරයා මීට පෙර නිවේදනයක් මගින් දැනුම් දී තිබිණ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ජා කිරීමටද කතානායකවරයා සූදානමින් සිටින බව දැනගන්නට ඇත.